November 5, 2009

රිගින්ටොන් වෙනුවට එස්එම්එස්....


තරුණ ප්‍රශ්ණ හොද හැටි අවබෝධ කරගත් විපක්ෂ නායකයෙක් අපට ලැබි ඇත.මට තියෙන එකම ගැටළුව  සියළු තරුණයන් එක්වි ඇයි මොහුව රටේ ප්‍රධාන පුරවැසියා නොකරන්නේ කියාය.මොහුට එක අවස්ථාවක් ලාබාදුන්හොත් වෙන කුමන ගැටළු නොවිසදුවත් අපේ ගැටළුවලට නම් නියමම විසදුම් ලබාදෙනු නොඅනුමානය.අඩුගානේ විකට රාජා නමින් චිත්‍රපටයක්වත් සැදිමේ හැකියාව නියත වශයෙන්ම අපහට උදාවනු ඇත.ඉතින් අප අපගේ තාරුණ ජවය පෙන්වමු...කොහොමද??? රිගින් ටොන් වෙනුවට එස්එම්එස්...අනේ විපක්ෂ නායකතුමනි අපහට ඇති එකම ගැටළුව එයමය.ඔබගේ නව සන්ධානට තුලින් මංගල අයියත් කැටුව මේ සහනය ලබාදෙනු මැනවි.තරුණ අප ඔය සියළුදෙනාම රජවරු කරණවා නියතය..ජයවේවා...!!