Showing posts with label බ්ලොගර්. Show all posts
Showing posts with label බ්ලොගර්. Show all posts

January 21, 2010

Google Analytics ඔබගේ Blogger බ්ලොග් එකේහි පිහිටුවන්නේ මෙහෙමයි.


ඔබගේ බ්ලොගර් බ්ලොග් එ‍ක සැබවින්ම දිනකට කි දෙනෙක් නැරඹුවාද..? ඔබගේ බ්ලොග් එකේ වඩාත්ම ජනප්‍රිය ලිපිය කුමක්ද යන්න නිවැරදිව දැනගැනිමට නොහැකිව තවමත් ඔබ ලතවෙනවාද...? ඇත්තෙන්ම ඒ සදහා ගුගල් සමාගම නොමිලේම ලබාදෙන සේවාවක් තමයි මේ Google Analytics කියන්නේ.ඒ වගේම මිට වඩා හොද තත්වයේවෙනත් සේවාවන්ද තවත් ඇති .එහෙම තියෙනවනම් පොඩි සටහනක් දාන්න.ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවත් ඇති.මේ සටහන ලියන්නේ මේ ගැන නොදන්න අය සදහා ඔවුන්ටත් මෙම සේවය ලබාගැනිමට අවබෝධයක් ලබාදෙන්නයි.
ඔබට කිදෙනෙක් ඔබගේ බ්ගොග් එක නැරඹුවාද යන්නත් ඔවුන් මොන මුලික පදය යොදාගෙන සෙවුවිටද ඔබගේ බ්ලොග් සටහන හමුවුවේද යන්නත්,එසේ නැරඹු පිරිස පැමිණියේ කුමණ ප්‍රදේශයක සිටද,ඔවුන් කොපමණ වෙලාවක් නැරඹුවාද ආදි තොරතුරැ රුසක් ඉතාමත් පහසුවෙන් දැන ගැනිමේ හැකියාව Google Analytics මගින් ලබාදෙයි.ඔන්න අද කියන්න යන්නේ මෙපමණ ප්‍රයෝජනවත් මෙම සේවය ඔබගේ බ්ලොගයටත් ලබාගන්නේ කොහොමද කියලා අවබෝදයක් ලබාදෙන්නයි.හැබැයි මෙම ක්‍රමය උපයෝගි කරගතහැක්කේ Blogger බ්ලොග්කරුවන්ට පමණක් බව හොදින් මතක තබාගන්න.