June 30, 2009

මතට තිත....

ඔන්න දන්නවනේ මේ දවස්වල කට්ටියම කථා කරන්නේ මතට තිත ගැන.මේක ඉතින් නොබොන අයට නම් එච්චර ගැටළුවක් නොවන නිසා අනේ හොදයි කියනවා.එත් ඉදල හිටල හරි පොඩ්ඩක් වෙරිවෙන අපිවගේ උදවියට නම් ඉතින් මේක දරාගන්න බැරි දුකක්.වෙලාවකට හිතෙනවා ඔය ලිප්ටන් වටරවුමේ හරි,කොටුවේ ස්ටේෂන් එක පැත්තට ගිහින් බොඩ් එකක් අල්ලන් ඉන්න.එත් ඊට වඩා හොදයි මේ පුළුවන් දවස්වල වැඩි වැඩියෙන් දාගන්න එක කියලා හිතෙනවා.නැත්තම් ඒ වෙලාවත් අපරාදෙනේ.ඒ විතරක් නම් මදැයි දැන් ප්‍රසිද්ධ ස්ථානවල බොන්නත් බැහැ එ මදිවට රෑ 9.00 වෙනකොට බාර් ඔක්කොම වහලා.ඒ නිසා ඉතින් මේ අන්තිම දවස්ටිකේ උනත් පොඩි අඩියක් දාගන්න මාර ගෙමක් දෙන්න වෙලා තියෙන්නේ.මොකද මමත් ගොඩක් වෙලාවට ඔෆ් වෙනකොටත් රෑ 9.00 පයිනවා.ඉතින් වැඩිපුර කරන්නේ යන ගමන් බාර් එකේ දොරට පයන් එකක් ගහලා ගිහින් නිදා ගන්න එක.

මේ වගේ ප්‍රශ්න රැසකට මුහුණ දිලා හිටපු මට මගේ යාළුවෙක් එවපු මේල් එකක තිබුන දෙයක් දැකලා මගේ මේ හැම ප්‍රශ්ණයකටම නියම විසදුම ලැබුනා.අනේ මේ වගේ සොයා ගැනිම් ඇයි දියුණු කරලා ඉස්සරහට නොගන්නේ කියලා තමයි දුක.ලංකාවේ කොහොමත් ඉතින් වැඩ කාරයන්ට තැනක් නැහැනේ.එනිසා මම හිතුවා මේ වගේ මොලකාරයින්ට පොඩි සපොට් එකක් විදියටයි,මම ව‍ගේ දුක්විදින උදවියට මරැ විසදුමක් විදියටයි මේක බ්ලොග් එකට දාන්න.බලලම කියන්නකො මේ ගැන මොනද ඔයලාට හිතෙන්නේ කියලා.මට නම් නියම විසදුම හම්බ වුනේ උදේ වැඩට යන ගමන් අරන් ගිහින් හෙමින් හෙමින් වැඩ පටන් අරන් ඔෆ්වෙන වෙලාවට හතර ගාතේ.මේකනම් මාරම සිම්පල්ම පැලැන් එකක් තමයි.












June 24, 2009

කනත්ත.

ඔන්න මට හම්බවුනා අළුත්තාලේ කනත්තක ‍ ඡායාරුප වගයක්.අපේ නම් ඉතින් කනත්තකට ගිහාම තියෙන්නේ එකම වගේ ස්මාරකනේ.මේ ස්මාරක ඊට හාත්පසින්ම වෙනස් එවා.දැක්කම හිනාත් යනවා.මටත් හිතුනා මලත් කමක් නැහැ මේ වගේ ස්මාරකයක් යට කියලා.ඔන්න කට්ටිය බලලා කියන්නකො මේ ගැන ඔයාලට මොකද හිතන්නේ කියලා.






















June 20, 2009

බිමත්ව රිය පැදවිම.

මේ දර්ශනය මොහොතකට බලන්න.අප ජිවිතයේ බොහො අවස්ථාවල දුක සතුට බෙදාගැනිමට මත්පැන් පානය කිරිමට පෙළබි ඇති.එහෙත් මෙය මත්පැන් පානය කිරිමේ ආදිනව දක්වන්නක් ‍නොව එසේ බිමත්ව රිය පැදවිම තුලින් එසේ අප සහ අන් අයගේ සතුට මොහොතක් තුල අවසන් වන අන්දමයි.




අප මොහොතකට ලබන සතුට වෙනත් අයේකුගේ මුළු දිවියේම වේදනාවක් නොකරමු.

June 12, 2009

සරසවි මැරයන්

උසස් අධ්‍යපනය ලැබිමට ලංකාව තුල හැකියාව පවතින්නේ ඉතාමත් සිමිත පිරිසකට පමනි.එබැවින් ලංකිය සමාජය තුල සරසවි වරම් ලද ඕනැම අයෙකුට නියතින්ම අන් පුද්ගලයින්ට වඩා වැඩි පිලිගැනිමක් සහ සැළකිමක් ලැබේ.නමුත් වර්ථමාන සරසවි තුල සිදුවන සිදුවිම් දකින විට සැබවින්ම මේ හොද අධ්‍යපනයක් ලබන සමාජයේ අනිත් සාමාන්‍ය පුද්ගලයින්ට වඩා වැඩි අවබෝදයක් සහ දැනිමක් ඇති පිරිසද නැතිනම් වෙනම පරිසරයක තම හිතුමතේට දිවි ගෙවන තිරිසනුන් පිරිසක් ද යන්න පිලිබදව දැඩි ගැටළුවකට ඕනැම පුද්ගලයෙක් මුහුණ දෙයි.මේ පිලිබදව ගැටළුවක් ඇති විමට ආසන්නම හේතුව වන්නේ ඊයේ දිනයේ ප්‍රදේශවාසින් සහ කැළණිය සරසවි සිසුන් අතර ඇතිවු ගැටුමයි.



මෙම දර්ශනය මොහොතකට බලන්න.



මෙම ගැටුම ඇතිවිමට හේතුන් ලෙස විවිධ පිරිස් විවිධ මත දරයි.ඒ අතර සරසවි සිසුන් පවසන්නේ මෙම ක්‍රියාව මර්වින් සිල්වාගේ මැරපිරිසගේ ක්‍රියාවක් බවයි.එසේම ප්‍රදේශවාසින් පවසන්නේ ඊට පෙර දින සරසවිය අසල වෙලද සැලක සරසවි සිසුවෙකු කාන්තාවකට හිරිහැර කිරිමට එරෙහි වු වෙළදසැල් හිමියාට සහ එම වෙලදසැලට එදින රාත්‍රි පිරිසක් විසින් පහර දිම මෙම ගැටුමට හේතුව බවයි.
මෙම ගැටුමට හේතුව කුමක් වුවත් වර්ථමාන සරසවි තුල සරසවියකින් බලාපො‍රොත්තු වන කාර්ය්‍යන් සිදුවනවාද යන්න අපහට ඇති ප්‍රධානම ගැටළුවයි.

June 10, 2009

අනතුරක්

මේකත් පොඩ්ඩක් බලන්න.මේ අනතුර සිදුවෙලා තියෙන්නේ නම් ලංකාවේ නෙමේ. එත් ලංකාවේ පාරවල් වලත් මේ වගේ වාහනෙන් එලියට බඩු පටවන් යන වාහන නම් අනන්තවත් දකින්න පුළුවන්.සමහර අය රතු රෙදි කැබැල්ලක් කොනක එල්ලා ගෙන ගියත් සමහරැ මේ කිසිම දෙයක් නැතුව මේ විදිහට භාණ්ඩ ප්‍රවාහනය කරනවා.ඒ වගේම තමයි රාත්‍රි කාලයේ මේ විදියට යද්දි පිටු පස ලාම්පුද පිටුපසින් එන වාහන වලට නොපෙනෙන නිසා මෙවැනි අනතුරැ සිදුවිමේ හැකියාව වැඩියි.එ නිසා මෙවැනි භාණ්ඩ ප්‍රවාහනය කරන අය රාත්‍රි කාලයේ විශේෂයෙන්ම මේ ගැන වැඩි අවදානයක් යොමු කරනවා නම් මෙවැනි අනතුරැ වලක්වා ගත හැකියි.




ඒ වගේම මේවැනි අනතුරක් සිදුවුනාම ශරිරයෙන් ඇතුලට ගිය කොටස් ඉවත් නොකර රෝහලකට රැගෙන යැමෙන් ඔවුන්ව බේරාගැනිම හැකියාව වැඩියි.

June 4, 2009

අලි ගැහිල්ල

කථාවක් තියෙනවනේ අලි බැලිල්ලයි බලි ඇරිල්ලයි දෙකම එකයි කියලා.එහෙම කියනවා ඇත්තේ මේ දෙකේදිම පොඩි හො අතපසු විමක් වුනොත් ජිවිතයෙන් පවා වන්දි ගෙවන්න සිදුවන නිසා වෙන්න ඇති.බලි ඇරිල්ල කෙසේ වෙතත් අලි බැලිල්ල නිසා සිදුවුන අනතුරක් ගැන තියෙන විඩියෝ එකක් මේක.මේ දවස්වල කොටි ගහන්නැති නිසා බය නැතුව අලි ගහන එවා බලමු.අලි කිව්වට අලිමත් නෙමෙයි ඇත්තු ගහන ගැහිල්ල.


June 2, 2009

අනතුරක්

මේක නම් හිත සසල කරන සිදුවිමක්.පොඩ්ඩක් බලන්නකො.





මේක අපි කාටත් හොද පාඩමක්.සමහර වෙලාවට සමහර වැඩ කරන්න ගිහාම අපි දන්නැහැ අපි කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියලා.ඉතින් හරි අවබෝධයකින් තොරව වැඩ කරන්න ගිහාම තමයි මේ වගේ අනතුරැ බහුලව සිදුවන්නේ.විඩියෝ එකේ හැටියට මේක ලංකාවේ සිදුවු දෙයක් නොවුවත් ලංකාවෙත් මෙවැනි විදුලි අනතුරැ අනන්තවත් සිදුවෙනවා.ඒ නිසා කට්ටියටම කියන්නේ අපි ඉන්නේ කොහෙද කරන්නේ මොකක්ද කියලා හරි අවබෝධයකින් වැඩ කරනවා නම් මේ අනතුරැ වලක්වා ගන්න පුළුවන්.