January 21, 2010

Google Analytics ඔබගේ Blogger බ්ලොග් එකේහි පිහිටුවන්නේ මෙහෙමයි.


ඔබගේ බ්ලොගර් බ්ලොග් එ‍ක සැබවින්ම දිනකට කි දෙනෙක් නැරඹුවාද..? ඔබගේ බ්ලොග් එකේ වඩාත්ම ජනප්‍රිය ලිපිය කුමක්ද යන්න නිවැරදිව දැනගැනිමට නොහැකිව තවමත් ඔබ ලතවෙනවාද...? ඇත්තෙන්ම ඒ සදහා ගුගල් සමාගම නොමිලේම ලබාදෙන සේවාවක් තමයි මේ Google Analytics කියන්නේ.ඒ වගේම මිට වඩා හොද තත්වයේවෙනත් සේවාවන්ද තවත් ඇති .එහෙම තියෙනවනම් පොඩි සටහනක් දාන්න.ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවත් ඇති.මේ සටහන ලියන්නේ මේ ගැන නොදන්න අය සදහා ඔවුන්ටත් මෙම සේවය ලබාගැනිමට අවබෝධයක් ලබාදෙන්නයි.
ඔබට කිදෙනෙක් ඔබගේ බ්ගොග් එක නැරඹුවාද යන්නත් ඔවුන් මොන මුලික පදය යොදාගෙන සෙවුවිටද ඔබගේ බ්ලොග් සටහන හමුවුවේද යන්නත්,එසේ නැරඹු පිරිස පැමිණියේ කුමණ ප්‍රදේශයක සිටද,ඔවුන් කොපමණ වෙලාවක් නැරඹුවාද ආදි තොරතුරැ රුසක් ඉතාමත් පහසුවෙන් දැන ගැනිමේ හැකියාව Google Analytics මගින් ලබාදෙයි.ඔන්න අද කියන්න යන්නේ මෙපමණ ප්‍රයෝජනවත් මෙම සේවය ඔබගේ බ්ලොගයටත් ලබාගන්නේ කොහොමද කියලා අවබෝදයක් ලබාදෙන්නයි.හැබැයි මෙම ක්‍රමය උපයෝගි කරගතහැක්කේ Blogger බ්ලොග්කරුවන්ට පමණක් බව හොදින් මතක තබාගන්න.

January 12, 2010

අඩහැරයෙන් ටිවි බලන්න.

ඔන්න  කට්ටියටම ශ්‍රි ලාකාවේ විකාශයවන රූපවාහිනි නාලිකා 6ක් දැන් අඩහැරයෙන් බලන්න පුළුවන්. රූපවාහිනිය, ස්වාධින රූපවාහිනිය, ස්වර්ණවාහිණිය, සිරස, ශක්ති සහ සියත කියන නාලිකා 6 ම දැන් අඩහැරයෙන් බලන්න පුළුවන්.ඒ වගේම මේ ගැන ඔබේ අදහසුත් මට කියන්න.
 






Max TV





January 8, 2010

කොළපාටින් සිතන්න-Think green

ඔන්න මේක දේශපාලන කථාවක් නම් නෙමේ.දන්නවනේ මේ දවස් වල පාට පිළිබදව වඩාත් සැළකිලිමත් විය යුතුයි.අදින පලදින ඇදුමේ පාට පිලිබදව පවා.ඔන්න කට්ටියටම අද කියන්න යන්නේ කොළපාටින් සිතන්නේ කොහොමද කියලා.හැබැයි මේ යුඑන්පියට ඡන්දේ දෙන්න කියනවා එහෙම නෙවෙයි හොදද..?

හරි හරි ඔන්න බයිලා ඔනේ නැහැ.මේක ලස්සන තිම් එකක්.My Colours කියන සයිට් එකෙන් තමයි ගත්තේ.ඒ වගේම අපිට නොමිලේ ඩවුන්ලොඩ් කරන්න පුළුවන්.තව දෙයක් තමයි අපිට කාලගුණය බලන්න පුළුවන් පොඩි ගැජට් එකකුත් ඩෙක්ස්ටොප් එකට එනවා.ලස්සන නිසා ඩවුන්ලොඩ් කරපු මේ තිම් එකේ නම තමයි Think Green .එකයි කොළපාටින් සිතන්න කියලා දැම්මේ .

 මෙහෙම තමයි දැම්මම පෙන්නේ.



මේ තිම් එක Windows Xp,Vista දෙකටම දාන්න පුළුවන්.ඔන්න කැමති අය ඉන්නව නම් 
 මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න.

January 6, 2010

Capture කරන්න නියම භාණ්ඩයක්.


ඔන්න බයිස්කොප් සිංහලෙන් අඩවියේ පලවන සිංහල උපසිරස තිබෙන ෆිල්ම් ඩිවිඩි/විසිඩි ප්ලේයර්වල බලන්න බැරි නිසා එය පරිඝණකයක් සතු,සිංහල යුනිකොඩ් ස්ථාපනය කර ඇති අයට පමණක් සිංහල උපසිරිස සහිතව බැලිමට පුළුවන් විමෙන් මම ඩවුන්ලොඩ් කරගත් ෆිල්ම් යාළුවන් අතරේ බේදාගත නොහැකිවිම කලකට පෙර ඉමහත් ගැටළුවක්ව තිබුනා.මේ සදහා ඇති එකම විසදුම එම චිත්‍රපටිය සිංහල යුනිකොඩ් ඇති පරිඝණකයකින් Capture කර ඩිවිඩි එකක රයිට් කිරිම.‍එ සදහා විවිධ සොෆ්ට්වේයා තිබුනත් එවා මිලදි ගතයුතු බැවින් ඒ සදහා ටොරන්වල සහය පැතිමට සිදුවුවා.එසේ සොයන විට තමයි මේ WM Capture සොෆ්ට්වේයා එක හම්බවුනේ. මුල්පිටපතේ අයුරින්ම දර්ශණ ඉතාමත් පැහැදිලිව Capture කරගැනිම මෙහි ඇති හොද ගුණාංගයක් ලෙස කියන්න පුළුවන්.හැබැයි වින්ඩෝස් මිඩියා ප්ලේයර් වලදි පමණයි මේ සොෆ්ට්වේයා එක යොදාගෙන Capture කල හැකි වෙන්නේ.


ඔන්න මේක ඔනේ අය මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න.





ඊට පස්සේ සොෆ්ට්වේයා එක ඉන්ස්ටොල් කරලා Crack ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන WMCap කියන ෆයිල් එක කොපි කරලා C:\Program Files\WMCap කියන ෆොල්ඩරයට ගොස් පේස්ට් කරන්න.දැන් හරි ඔන්න $39.95 USD වටින සොෆ්ට්වෙයා එකක් තමයි නිකන්ම හම්බවුනේ.

මේ තියෙන්නේ කොහොමද ? Capture කරන්නේ කියලා.


     



ඔන්න කමෙන්ට් දාන්න අමතක කරන්න එපා හොදද....

කලකට පසු......

ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ එන්න හිතුනා.කොහොමද කට්ටියට....?? පහුගිය දවස් වල කියන්න කියලා ලොකුවට වැඩක් නොතිබුනත් දැන් ටික ටික මේ බ්ලොග් කෙරුවාවත් එපාවෙලා නිසා ලියන්න දෙවල් තිබුනත් ලියන්න පොඩි කම්මැලි ගතියක් දැනේනවා.ලගදි දවසක් නිකන් වගේ බ්ලොග් එක පැත්තේ ආපු අපේ දුකා මොකද මුකුත් නැත්තේ කියලා ඇහුවාම තමයි ඔන්න පොඩි කික් එකක් අවේ ආයිමත් පොඩ්ඩක් මේ පැත්තේ එන්න ඔනේ කියලා.

මුලින්ම කියන්න තියෙන්නේ කට්ටියටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා...! 

ඔන්න ඊට පස්සේ කියන්න තියෙන්නේ මමත් ගියා සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සුහද හමුවට.ඒ ගැන කියනව නම් එක අමුත්ම අත්දැකිමක් වුනා බ්ලොග් සම්බන්දව.හේතුව බ්ලොග් ලියන ‍පිරිසක් සැබවින්ම දැක ගැනිමට හැකිවිම සහ ඔවුන් සමග සුහද කථාබහක යෙදිමේ අවස්ථාවක් උදාවිම.

ඉතින් අඩහැරයෙන් දිගින් දිගටම ලියවුනු මාතෘකවන්ට හත්පසින්ම වෙනස් දෙයක් මේ අවුරුද්දේ මුල්ම ලිපියෙන් ලියන්න හිතුනා.එය ලියන්න හේතුවුනේ මගේ ලග තිබුනු LG KE770 ෆොන්එක මගේ දැඩි නොසැලිමත්කම නිසා භාවිතා කරන්න නොහැකි තත්වයටම පත්වුනා.ඊට පස්සේ මම ගත්තා Sony Ericsson K770i ෆොන් එකක්.ඉතින් මේ ෆොන් එක ගත්ත දවසේ ඉදන් මගේ වැඩේම මේකෙන් කරන්න පුළුවන් මොනවද යන්න මුළු අන්තර්ජාලය තුලම සේවිම.ඔහොම සොය සොය සිටින විට තමයි මේ Themes Creator සොෆ්ට්වේයා එක හම්බවුනේ.මේකෙන් ඉතාම පහසුවෙන් අපේ දුරකතනයේ තිම් එක අපිට උවමනා විදියට සකසාගත පුළුවන්.ඒ වගේම මේ සොෆ්ට්වේයා එකෙන් Sony Ericsson වර්ගයේ ඕනැම දුරකතනයක තිම් එක සකසා ගන්න පුළුවන්.


ඔන්න මේ සොෆ්ට්වේයා එක ඔන අය මෙතනින් ඒක ඩවුන්ලොඩ් කරගන්න

මේ තියෙන්නේ K770i සදහා මම හදපු තිම් එකක් .

ඔන්න කැමති අය ඉන්නව නම් මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න

ආ තව පොඩ්ඩෙන් කියන්න ආපු වැදගත්ම දේ කියන්න අමතක වෙනවා.එක තමයි මම ‍ෆොටො බ්ලොග් එකක් පටන් ගත්තා. කට්ටියම මේකත් බලලා හොද නරක කියන්න ඕනේ හොදද? ඒක බලන්න මෙතනින් යන්න.