January 25, 2010

විශ්වාසනිය වෙනසක් සහිත සුභ අනාගතයක්.




හෙට දිනය ශ්‍රී ලංකිය අප සියළුම දෙනාට ඉතා වැදගත් දිනයක් වනු ඇත.ඒ අප රටේ විධායක ජානාධිපතිවරණය පවත්වන දිනය විමයි.අප රටේ පවත්වනු ලබන මැතිවරණ 5න් ඉතාම වැදගත්ම මැතිවරණයක් වනුයේ මෙම ජනාධිපති තනතුර සදහා පුද්ගලයෙකු තොරාගැනිමේ කාර්යයි.2010 ජනාධිපතිවරණයද දැනටමත් ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.මෙයට ප්‍රධානතම හේතුව වි ඇත්තේ මෙතෙක් ජනාධිපතිධුරය හෙබවු මහින්ද රාජපක්ෂ සමග හිටපු පාබල හමුදාවේ නායකයා වු සරත් ෆොන්සේකා මෙවර ජනධිපතිවරණයට තරගකිරිමට එක්විමයි.

මෙවර ජනාධිපතිවරණය පිළීබදව කිසිවක් කථානොකල මම මේ අවසන් මොහොතේ ඒ පිලිබදව කථාකිරිමට පෙලබුනේ මෙම ජනාධීපතිවරණය නැවතත් අප රට පසුගිය වසර 30 පුරාවටම විදි දුකට වඩා දුක් කරදර රැසකට මුහුණදිමේ,නැවත ඒ අයුරින් රට අරාජික තත්වයකට පත්විමේ ඉඩකඩ අතිමහත් බැවිනි.එදා 2005 ජනාධිපතිවරයෙදි අපගත් තිරණය වර්ථමාන සමාජය සාමයේන් සතුටින් තැබිමට තරම් කොතරම් ඉවහල් වුවාද යන්න ඔබම මදකට සිතාබලන්න.එසේම මෙම කරුණු සමග ඔබේ සිතට එකගව සිතාබලා ඔබේ ජන්දය ලබාදිය යුත්තේ කුමණ පුද්ගලයෙකු උදේසාද යන්න තිරණය කරන්න.

අපහට ලබාදෙන විශ්වාසණිය වෙනස කුමක්ද?

විශ්වාසනිය වෙනසක් ලබාදෙනවා යැයි පවසන පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා විධායක ජනාධිපතිවුවාට පසු තමා ලැබු විධායක බලතල තමා විසින්ම අහොසි කරගෙන එ‍ලබෙන පර්ලිමෙන්තු  මැතිවරණයෙන් බහුතරයක් ලබාගන්නා පක්ෂයේ නායකයාට සියළු බලතල ලබාදි නිකන්ම බලාසිටිද?

සරත් ෆොන්සේකා විධායක ජනාධිපතිධුරයට පත්කිරිමට වෙරදරන රනිල් වික්‍රමසිංහ එලබෙන පාර්ලිමෙන්තු මැතිවරණයෙදි බහුතර බලයක් දිනාගතහොත් නාමමාත්‍රික අගමැතිධුරයේ කටයුතු කිරිමට කැමතිවේද?

සරත් ජනාධිපතිවි,රනිල් අගමැතිවුවහොත් මංගල,සම්බන්දන්,සෝමවංශ,ටිල්වින් ආදි පිරිස නිකන්ම බලන් සිටිවිද?

මේ ඉහත කරුණු තුනම සලකා බැලිමේදි ධනවාදය සහ සමාජයවාදය තදින් වැලදගත් එකිනෙකට විරුද්ධ මතදරණ පක්ෂ දෙකක් එකට එක්වි තම දේශපාලණ මතය එකම අරමුණක් වෙනුවෙන් ගෙනයනුයේ කුමක් අරමුණු කර‍ගෙනද?

ප්‍රභාකරන් සහ එල්ටිටි සංවිධානය අවසන් කිරිමේ සම්පුර්ණ අයිතිය තමන් සතු යැයි පවසන පුද්ගලයාට විනාශවු එල්ටිටි සංවිධානයේ දේශපාලන හස්තයේ නායකයින් සහයෝගය දක්වන්නේ කුමන අරමුණක් සදහාද?

මේ විචිධ මතදරණ පක්ෂ කණ්ඩායම් සමගින් බලයට පත්වන සරත් ෆොන්සේකා මහතාට තම පාලනය සාර්ථකව කරගෙන යැමේ නොහැකිවනවාය යන්න ඉතාම විස්වාස කටයුත්ක් වන අතර එසේ තම පාලනය පවත්වා ගැනිමට තමන් වසර 40ක පමණ කාලයක් සේවය කල හමුදාවේ සහය ලබාගැනිමට ඇති හැකියාව ඉතාවැඩිය.

එසේම පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පසුගිය කාලය තුල ජනාධිපතිවරණ වේදිකාවෙදි  කටුගොඩවල් දිම,කාණූදිගේ බාඩගාගෙනවිත් සමාව ගැනිමය සැලසිම,බොගම්බර හිරගෙදර පිරවිම,පොලිස් ලොක්කන්ගේ නිලඇදුම් ගැලවිම,ඔහු නම් කල පිරිසක් පැය 24ක් ඇතුලත හිරගෙදරට යැවිම ආදි පැවසු වදන් වලින් ඔහු කොතරම් ප්‍රජාතන්ත්‍රවාදි වේදැයි මනාව අවබෝධ කරගත හැක.

එසේම වසර 40ක කාලයක් හමුදා පුහුණුව ලබා හමුදාවේ ඉහල නිලයත් ඉතාම එකාධිපති අයුරින්  භාවිතා කල  එසේම තමන් සේවය කල  හමුදාවේ සේනාධිනායකවු ප්‍රභාකරන් සහ එල්ටිටි සංවිධානය අවසන් කල,තමන් හමුදාපතිව සිටින විට අවශ්‍ය සියළුම සහයෝගය ලබාදෙමින් හමුදාවන් ඉදිරියට යවමින් විදේශ බලපැම් වලින්ද පසුබට නොවි සහයදුන් නායකයා සමග වෛරීය දේශපාලනයක නිරතවිමට තරම් හැකියාවක් ඇති මොහුට රනිල් වික්‍රසිංහ,සෝමවංශ අමරසිංහ,සම්බන්ධන්,මංගල යනු කවුරුන්විය නොහැකිද?
ඔවුන්ට එහෙම වනවිට මහජනතාව වන අපට කුමක් සිදුවිය හැකිද?

අපට හිමිවු සුභ අනාගතය.

පුරා වසර 30ක කාලයක් අප රට අරාජික කල ඒ කුරිරැ යුද්ධය නායකයින් 5දෙනෙකුට නිමාකිරිමට නොහැකිවුවත් දැන් එය අවසන්වි අප රටේ සියළුදෙනා සාමය සතුටින් භුක්තිවිදින යුගයක් අපහට ලැබි ඇත.

මෙතෙක් නොවු දැවන්ත සංවර්ධන ක්‍රම රාශියක් රටතුල ක්‍රියාත්මක වෙමින් පවති.

ත්‍රස්තවාදයෙන් තොර නිවහල් ජාතියක් ලෙස අප අනාගතය සුභවිමට විශ්වාසනිය වෙනසක අවශ්‍යතාවයක් මේ මොහොතේ කිසිවිට නැතැයි සිතමු.

මේ පිලිබදව සිතාබලා ඔබේ ජන්දය විශ්වාසනිය වෙනසක් සහිත සුභ අනාගතයක් වෙනුවෙන් ලබාදෙනවාද ? හමුදා පාලනයක් වෙනුවෙන් ලබාදෙනවාද යන්න හොදින් තිරණය කර ලබාදෙන්න.නැතිනම් මේ ඔබ ලබාදෙන්නේ ඔබගේ අවසානම ජන්දය විමේ ඉඩකඩ බොහොසෙයින් ඇත.

1 comment:

  1. u r absolutely right.i totally agree with ur comment.but unfortunately most of people(specially sinhalese) have forgotten this truth.they need fucking "wenasak!"
    we have already received the 'change' on last 17th of May in Nandikadal Lagoon.then what else?

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න