January 21, 2010

Google Analytics ඔබගේ Blogger බ්ලොග් එකේහි පිහිටුවන්නේ මෙහෙමයි.


ඔබගේ බ්ලොගර් බ්ලොග් එ‍ක සැබවින්ම දිනකට කි දෙනෙක් නැරඹුවාද..? ඔබගේ බ්ලොග් එකේ වඩාත්ම ජනප්‍රිය ලිපිය කුමක්ද යන්න නිවැරදිව දැනගැනිමට නොහැකිව තවමත් ඔබ ලතවෙනවාද...? ඇත්තෙන්ම ඒ සදහා ගුගල් සමාගම නොමිලේම ලබාදෙන සේවාවක් තමයි මේ Google Analytics කියන්නේ.ඒ වගේම මිට වඩා හොද තත්වයේවෙනත් සේවාවන්ද තවත් ඇති .එහෙම තියෙනවනම් පොඩි සටහනක් දාන්න.ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවත් ඇති.මේ සටහන ලියන්නේ මේ ගැන නොදන්න අය සදහා ඔවුන්ටත් මෙම සේවය ලබාගැනිමට අවබෝධයක් ලබාදෙන්නයි.
ඔබට කිදෙනෙක් ඔබගේ බ්ගොග් එක නැරඹුවාද යන්නත් ඔවුන් මොන මුලික පදය යොදාගෙන සෙවුවිටද ඔබගේ බ්ලොග් සටහන හමුවුවේද යන්නත්,එසේ නැරඹු පිරිස පැමිණියේ කුමණ ප්‍රදේශයක සිටද,ඔවුන් කොපමණ වෙලාවක් නැරඹුවාද ආදි තොරතුරැ රුසක් ඉතාමත් පහසුවෙන් දැන ගැනිමේ හැකියාව Google Analytics මගින් ලබාදෙයි.ඔන්න අද කියන්න යන්නේ මෙපමණ ප්‍රයෝජනවත් මෙම සේවය ඔබගේ බ්ලොගයටත් ලබාගන්නේ කොහොමද කියලා අවබෝදයක් ලබාදෙන්නයි.හැබැයි මෙම ක්‍රමය උපයෝගි කරගතහැක්කේ Blogger බ්ලොග්කරුවන්ට පමණක් බව හොදින් මතක තබාගන්න.

ඒ සදහා මුලින්ම ඔබ කලයුත්තේ Google Analytics වෙත ගොස් එකවුන්ට් එකක් හදාගන්න.
 
ඉන්පසු පහත රුපසටහන් වල ආකාරයට අවශ්‍ය තොරතුරු ලබාදෙමින් ඉදිරියට යන්න.
ඉහත ආකාරයට නිවැරදි තොරතුරු ලබා දෙමින් ඉදිරියට යැමෙන් පසු ලැබෙන කොඩ් එක කොපි කරගෙන ඉදිරියට යන්න.
ඉන්පසු ඔබගේ අළුත්ම Google Analytics හි dashboard වෙත ගියවිට  පහත රුපයේ ආකරයට නිවැරදිව ක්‍රියානොකරන බව පෙනේවි.
දැන් ඔබගේ Blogger හි dashboard වෙතගොස් එහි Layout හි Edit HTML  වෙත ගොස් එහි පහතින්ම ඇති body යන්න සොයාගෙන ඔබ විසින් පිටපත් කරගත් HTML කොඩ් එක එම ස්ථානයට උඩින් paste කර Template එක සුරකින්න.
නැවතත් Google Analytics වෙත ගොස් පහත රුපයේ පෙන්වා දි ඇති අයුරින් Edit වෙත යන්න.
එවිට පහත රුපයේ ආකාරයට Tracking Not Installed ලෙස පෙනේවි .ඉන්පසු Check Status ක්ලික් කරන්න.එවිට පහත රුපයේ අකාරයට Waiting for Data ලෙස දිස්වේවි.
   දැන් Google Analytics වෙතින් ලැබෙන අප ප්‍රථමයෙන් සදහන් කල සියළුම සේවාවන් ලබාගැනිමේ හැකියාව ඇත.
  ඔන්න කට්ටියම අත්හදා බලන්න.මොනයම් හො ගැටළුවක් ඇත්නම් කියන්න.පුළුවන් විදයට සහයෝගයක් දෙන්නම්.ඔන්න ප්‍රතිචාර දක්වන්න අමතක කරන්න එපා.

6 comments:

  1. එල tute එකක් මචන්, ඔහොම යං

    ReplyDelete
  2. @ rock3r
    තැන්ක්ස් මචෝ කමෙන්ට් එකට.

    ReplyDelete
  3. [said]
    හැබැයි මෙම ක්‍රමය උපයෝගි කරගතහැක්කේ Blogger බ්ලොග්කරුවන්ට පමණක් බව හොදින් මතක තබාගන්න.
    [/said]

    කවුද එහෙම කියන්නේ? :O මම මේ යස අගේට මගෙ Self-hosted WordPress එක්කත් ඕක පාවිච්චි කරනවා නේ?

    අනික ඕක බ්ලොග් වලට විතරක් වෙන් කරපු සේවයක්වත් නෙවෙයි, ඕන වෙබ් අඩවියකට ඕක පාවිච්චි කරන්න පුළුවන්.

    ReplyDelete
  4. @ Supun Budhajeewa
    ආ එහෙමද..?ඔය කියන විදියට WordPress වලත් මම මේ කියන විදියට Google Analytics භාවිතා කරන්න පුළුවන්ද..?මම මේ ක්‍රමය දැන ගත්තේ වෙන ඉංග්‍රිසි බ්ලොග් එකකින්.ඒ නිසා එහි සදහන්වු ආකාරයට මෙම ක්‍රමය භාවිතා කල හැක්කේ Blogger වලට පමණයි.මම අත් හදා බැළුවෙත් බ්ලොගර්වල පමණයි.ඒ නිසා මම ඒසේ පැවසුවේ.ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.එහෙනම් WordPress බ්ලොග් කරුවන්ටත් මෙම ක්‍රමයම භාවිතා කල හැකියි.
    එසේම මම මෙම සේවාව බ්ලොග් එකකට පමණක් වෙන් කරපු දෙයක් ලෙස කොතනකදිවත් සදහන් කර නැත.මම පැවසුවේ මා සදහන් කල ක්‍රමය භාවිතා කලහැක්කේ බ්ලොගර් බ්ලොග් කරැවන්ට පමණක් යන්න බවයි.

    ReplyDelete
  5. ආ එහෙමද..?ඔය කියන විදියට WordPress වලත් මම මේ කියන විදියට Google Analytics භාවිතා කරන්න පුළුවන්ද..?මම මේ ක්‍රමය දැන ගත්තේ වෙන ඉංග්‍රිසි බ්ලොග් එකකින්.ඒ නිසා එහි සදහන්වු ආකාරයට මෙම ක්‍රමය භාවිතා කල හැක්කේ Blogger වලට පමණයි.මම අත් හදා බැළුවෙත් බ්ලොගර්වල පමණයි.ඒ නිසා මම ඒසේ පැවසුවේ.ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.එහෙනම් WordPress බ්ලොග් කරුවන්ටත් මෙම ක්‍රමයම භාවිතා කල හැකියි.
    Forza Horizon 4 Highly Compressed
    Adobe After Effects Crack
    Stellar Phoenix Data Recovery Crack
    Wifi Password Hacker Crack
    4k Stogram Crack

    ReplyDelete
  6. Thanks to the wrong people, with life on the line, a veteran of the American cavalry and now a hired weapon, Booker DeWitt has only one chance to make a clean slate. He must save Elizabeth, a mysterious girl imprisoned since childhood and redream Download wiht sewart product key and renee passnow Activation code dmdsd turbotax license code in the flying city of Columbia. Forced to trust each other, Booker and Elizabeth form a strong bond during their daring escape. Together, they learn to take advantage of an expanding arsenal of weapons and skills as they battle zeppelins in the clouds, along high-speed Sky-Lines and through the streets of Columbia, all surviving the threats of the air city and discovering the secret. its dark

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න