August 10, 2009

අළුත්ම වේගසිමා පාලකය.

ඔන්න කලකට පස්සේ ආයි බ්ලොග් එක පැත්තේ ආවා.ඉස්සර වගේ නෙමෙයි දැන් ඉතින් මේ බ්ලොග් කෙරුවාවත් එපා වෙලා තියෙන්නේ.එක ඉතින් අද ඊයේ නෙමේ මගේ මුළු ජිවිත කාලේම තියෙන ලෙඩක්.පටන් ගන්නවා කැගහලා අන්තිමට මුකුත් නැහැ.

හරි හරි ඔන් එවා පැත්තකින් තියලා බලමු අද හම්බවුන අළුත්ම අයිටම් එක මොකක්ද කියලා.මේක නියම බඩුවක්.දන්නවනේ වැඩිපුර මාර්ග අනතුරැ යවන්නේ අධික වේගයෙන් රිය පැදවිම නිසා කියලා.එකට විසදුමක් විදියට වේගසිමා දක්වලා බොඩ්ලැලි ගහලා තිබ්බට එක සිමා වෙන්නේ බොඩ් එකටම විතරයිනේ.

අනිත් ක්‍රමේ තමයි අපේ පොලිස් මහත්හොරු ගස් අස්සේ හැංගිලා ඉදලා එක පාරට පැනලා අල්ලන එක.එකටත් අපේ කට්ටිය හොයන් තියෙනවනේ එක එක ක්‍රම සහ විධි.

ඒ නිසා මේක නම් මරු ක්‍රමේ.පෙන්නේ පාර මැද තඩි වලක් තියෙනවා වගේ.එත් තියෙන්නේ ස්ටිකර් එකක්.කවුරැ වුනත් හොයා‍ගත්ත කෙනා නම් මරු වැඩ කාරයෙක්.එත් දුකට හේතුව මේ ක්‍රමය ලංකාවට නොගැලපෙන එක.ඇයි ඉතින් මේවගේ ස්ටිකර් නෙමේ තඩි මාළු ඉන්න වලවල් වුනත් කිසිම කරදරයකින් තොරව ලංකාවේ පාරවල් වල හොයා ගන්න පුළුවන්නේ.






හැබැයි ඉතින් මේ වලවල් අපිට කජ්ජක්ද ඇහුවලු.

July 22, 2009

හදේ මුලින්ම දාපු බත් කඩේ

ඔන්න සද ගමනට වසර 40ක් වුනත් ඊයේට තමත් ඒ ගැන විවිධ මත ඉදිරිපත් වෙනවනේ. සමහරු කියනවා ගියාම කියලා.තව අය කියනවා බොරුවක් කියලා.අවුරැදු 40ක් වුනත් තාම හදේ කඩයක් වත් දාලා නැහැනේ .ඔන්න ලංකාවේ මාතර පැත්තේ මැන් කෙනෙක් නියම වැඩක් කරලා.මොකක්ද දන්නවද හදේ බත් කඩයක් දාල.ඔන්න කාටවත් කියන්න බැහැ මේක නම් බොරැවක් කියලා මොකද බොරු නම් ගිහින් දවල්ට කාලා එන එකයි තියෙන්නේ.මොන වුනත් කැම ටික නම් රසට ඇති මොකද මාතර නිසා.



July 15, 2009

රාවණාගේ දුන්න කැඩුවේ කවුද?

මේක මගේ යාළුවෙක්ගෙන් ආපු මේල් එකක තිබ්බේ.කියවලා බලන්න.හැබැයි ඔන් මමනම් අල්ල ගන්න එපා ඔවට.....

ගාලු කොටුවට විනාඩි විස්සෙන්....

ඔන්න ආයි නියම ෆන් විඩියෝ එකක් හම්බවුනා.සිංහලෙන් හඩ කවපු එකක්.නියමෙට හඩ කවලා තියෙනවා කරපු කෙනා.බලලම කියන්නකො.....


July 13, 2009

අළුත්තාලේ වෙළද දැන්විමක්.

ඔන්න මේ වෙළද දැන්විම ගැන මම මුලින්ම දැක්කේ ITN ප්‍රවෘත්ති වලින්.කියපු විදිහට නම් දැන් ලොකේ බොහො දෙනෙක් නරඹපු අළුත්ම වෙළද දැන්විම තමයි මේක.බලලා ඔයාල දන්න දෙවලුත් කියන්නකො මේ ගැන.

July 11, 2009

කට්ටියට ඩොප්වෙලා (බීලා එහෙම නෙවෙයි හොදේ)

ඔන්න ආයිමත් නියම විඩියෝ කිලිප් එකක් හම්බවුනා.දන්නවනේ මේ දවස්වල මතට තිත නිසා කොහොමත් බොන්න එහෙම මාර ගේමක් දෙන්න ඔනෙනේ.මේක ඉතින් බොන මිනිහට මහ වදයක් උනාට නොබොන අය නම් අනේ හොදයි කියා ගත්ත ගමන්ම තමයි ඉන්නේ.ඒ ඉතින් හොද නැති නිසානේ.එත් බොන මිනිහා කොච්චර එපා කිව්වත් නොබි ඉන්නෙත් නැහැනේ.හරියටම බැලුවොත් මාරම සොයා ගැනිමක් තමයි අරක්කු කියන්නෙත්.
ඔන්න මේක නම් අරක්කු බොන එකක් ගැන නෙමෙයි.ඒවා නම් දැන් දාන්නත් තහනම්නේ.මේ විඩියො එකෙන් බලාගන්න පුළුවන් අපේ කට්ටිය බිලා වැඩි වුනාම ඇවිදින්නේ කොහොමද කියලා.බොනකට්ටිය නම් ඕන තරම් මෙහෙම ඇවිදල ඇති අනිවාර්යෙන්ම.ඒත් මතක නැහැනේ.ඒ නිසා මේක බලලා හිතාගන්න තමනුත් බිව්වාම මෙහෙම නේද හැසිරෙන්නේ කියලා.හැබැයි මේ විඩියෝ එකේ අයනම් අරක්කු බිලා වෙරිවෙලා නෙමෙයි මොනවා හරි ගෙඩි වගයක් කාලා මත්වෙලා හොදද?


July 8, 2009

modify car

ඔන්න modify car වගයක් හම්බවුනා.බලන්නකො.බලල කියන්න ඔයාලටත් මොකද හිතෙන්නේ කියලා..