April 22, 2009

රනිල් එකතු කළ රට මහින්ද කැඩුව හැටි......

මේ ඔබ දකින්නේ 2007 ජුනි මස 17 වැනි දා ඉරැදින පුවත් පතේ පලවු ලිපියකි.



ඇත්ත වශයෙන්ම සිදුවුයේ මෙයමද?නැතිනම් රනිල් බෙදලා දෙන්න හදපු ලංකාව මහින්ද එකතු කරාද?
එ දචස්වල කට්ටිය යාපනේ බලන්න ට්‍රිප්නම් ගිය බව සැබැවකි.නමුත් ගියේ අපි දඹදිව වදින්න යනවාට වඩා අන්ත විදියට අපේ රටේම ත්‍රස්තවාදි කණ්ඩායමකට මුදල් ගෙවා ඔවුන් කියන විදියට ‍අපි යාපනේ බලලා ආවේමු.අපේම රටේ අපි ඔළුව නවාගෙන ගියෙමු.ආමි එකේ කොල්ලන්ට මෙවුන් පස්ස පෙන්නමින් ගියේද මේ සාමයට පින් සිදුවන්නය.
එසේම කොළඹ ලොජ්වල සිටි දමිල ජනතාවද නැවතත් යැව්වේය.එයත් කිරිමට සිදුවුයේ සාමයට මුවාවි සියලුම මාර්ග බාධක ඉවත් කර කොළඹට ගෙන්වා ගත් කොටින් තැන තැන බෝම්බ පුපුරැවා දැමිම වලක්වා ගැනිමටය.නමුත් ලංකාවේ වෙසෙන සියළු ජාතින්ගේ වාසනාවකට රනිල්ට මේ ප්‍රභාකරන් ශක්තිමත් කරන කාර්ය කිරිමට නොහැකි විය.තව අවුරැද්දක් දෙකක් මේ සාමය ගෙන ගියානම් දැන් වන විට උතුරැ නැගෙනහිර පමනක් නොව ලංකාවටම විනාශවී හමාරය.කාටවත් එසේ නොවන්නේ යැයි කිව නොහැක.එසේ කියනවා නම් ‍ප්‍රභාකරන් මෙපමණ ආයුධ තොග රැස් කලේ ඇට බොල ගැසිමටද?
දැන් නම් මේ දේවල් කොපමණ කථා කලත් පලක් නොමැත.මන්ද දැන් යාපනේ ට්‍රිප් යන්න අපි ප්‍රභාකරන්ට මුදල් දි ඔවුන්ගේ නිතියට යටත් වී යායුතු නැත.දැන් අපි ගාල්ලේ සිට කොළඹ එනවා වගේ යාපනේ යන්නත් ඔවුන්ට කොළඹ එමටත් හැකියාව උදාවි ඇත.
මෙසේ රට එක්සෙසත් කිරිමට අකමැතිව ප්‍රභාකරන්ට කඩේ යන අය දැන්වත් මේ කරැමක්කාර වැඩේ අත්හලයුතු කාලය එලඹි ඇතයි නොසිතන්නේ අප කල පුරැ‍වේ පවකටද?







8 comments:

  1. සටන් විරාමය කාලේ හමුදාව ශක්තිමත් කලාය කියලත් අර .... කලිසමකුත් ඇඳගෙන කියනවනෙ. ඔය කියන්නෙ කොටි හමුදාව ගැන වෙන්න ඇති. නැත්තං ඔය විරාමෙ කාලෙ ලංකාවෙ හමුදාවෙ බුද්ධි අංශය සම්පූර්ණයෙන්ම විනාශ උනා කියල අමතක වෙන්න හේතුවක් නෑ.
    රනිල් ප්‍රභාකරන් එක්ක "එකතුඋනා" කියල ලංකාවම දන්නවා. එකතුඋනා කිව්වම විවිධ අර්ථ තියෙනවනේ. මේ "අර" එකතුවීමම තමයි.

    ReplyDelete
  2. සටහනේ ඇතුලත් දේ ගැන මම මොනවත් කියන්නේ නැ ඒ මට ඔතන අසත්‍යයැයි කීමට දෙයක් නොමැති නිසා නමුත් ඔබ වචන භාවිතයේදී ටිකක් සැලකිලිමත් උනොත් හොදයි මොකද මේක විවිද වයස් සීමා වල අය දකින නිසා

    ReplyDelete
  3. යොදලා තියෙන වචන කවුරුත් දන්න ඒවා උනත් මම කියන්නේ මෙතනට එන මේක දකින පොඩි හිටියෙක් මේ වචන එයාගේ සාමන්‍ය බස හැසිර වීමට යොදා ගත්තොත් වෙන දේ හිතාගන්න පුලුවන්නේ

    ReplyDelete
  4. @ Manushan
    එම වැරැද්ද මා විසින් නිවැරදි කරන ලදි.එසේම එසේ අදහස් දක්වමින් මෙම ලිපි නිවැරදි කිරිම පිලිබදව ඔබට ස්තුතිය පුදකරමි.

    ReplyDelete
  5. මේක නං සැබැවින්ම ඡන්ද කාලේ රනිල්ට කඩේ යාමක් මිස රටට ආදරයෙන් ලියන ලද්දක් නොවේ.

    ReplyDelete
  6. මනුශාන්ට ලැජ්ජ හිතිලා තියෙන්නේ එකතු වෙනවා කියන එකට,
    එවා ලමයින්ට හොද නැත්නම් දේශපාලනයත් ලමයින්ට හොද නැ නෙද?
    ඉටත් මේ බඩගොස්තරවාදි, මඩ දෙශපාලනය, එකෙන් වෙන්නෙත් ලමයින්ගෙ සිත් කුරිරු වෙන එක නොවෙද?

    රනිල්ගෙයි ප්‍රබාගෙයි එකතු විමට ඔයාගෙ හිත රිදුනේ ඔයා රනිල්ගේ හිතවාදියෙක් නිසානේ

    සුදුසු නැති දෙවල් නම් කොච්චර තියෙනවද, මෙ අනුමත වෙලා,

    අනික අදහස් ප්‍රකාශකිරිමේ අයිතියක් කියලා එකකුත් තියෙනවානේ,

    ඔයාගෙ ලම්යි ටික මෙ කුනුකණ්දල් තියෙනා අන්තර්ජාලයෙන් ඇත් කරගන්න, මොකද වචන විතරක් නොවෙ රුපරාමුත් අන්තර්ජාලයේ තියෙනවානේ.

    ReplyDelete
  7. රනිල් ට කඩෙ යන අයට මොකක් හරි වැරද්දක් තියෙනවා නේ කියන්න, එවගෙමයි රනිල්ට බනිනකොට ඉතින් මළ පනිනවනේ, එකනේ අඩුම තරමෙ ළමයින්ට වත් හොද නැ කියන්නේ, කමක් නැ එක එයගේ අදහසනේ

    ReplyDelete
  8. Anonymousලාට, මඩ ගැසිම හැර වෙන වැඩක් නැද්ද?

    කාටවත් මොනවත් කියන්න බැරිද? තොපිලටයි කෝන්දක් නැත්තේ. හැමතැන මඩ ගහන එකමනේ කාව හරි අල්ලාගෙන.

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න