April 24, 2009

ප්‍රභාකරන්ට භාරවිමට පැය 24ක් දුන්නේ පැනලා යන්න.

මේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් කල ප්‍රකාශයක් දිවයින දක්වා තිබු ආකාර යයි.

මුලතිව් ආරක්ෂක කලාපයේ සිරවි සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන්ට භාරවිම සදහා පැය 24 ක කාලයක් ලබාදුන්නේ ඔහුට පැන යෑමට දැයි ප්‍රශ්න කරන එක්සත් ජාතික පක්ෂයේ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ පිලිබදව රජය වහා රටට ප්‍රකාශයක් කළ යුතු බව පැවසීය.
ඉතිරිය කියවන්න.

මේ මනුස්සයා හැමදාම මොකක් හරි කටට එන ගොන් කථාවක් කියලා පක්ෂය නාවනවා.යකෝ මේච්චර ජාත්‍යන්තර බලපැම්,ලංකාවේ කොටින්ට කඩේ යන එවුන්ගේ බලපැම් මෙච්චර තියෙද්දි,එ නිසා මෙක නවත්තන් නැහැ කිය කිය මේ මිනිමරැවා අත ළග ඉදගෙන,කොටි අන්තිම තැන දක්වා ගෙනවිත් ප්‍රභාකරන්ට පැනයැමට දිමේ පිස්සුවක් රනිල්ට තිබුනත් මහින්දට නැතැයි මට නම් හැගේ.නිකන් බොරැ දේශප්‍රේමි බවක් මවා ගනිමින් මෙවැනි ගොන් ප්‍රකාශ කලාට ප්‍රභාට කඩේ ගියේ කව්දැයි අපට නම් තවම මතක ඇත.බස්නාහිරත් රනිල් නාගෙන ඉවරය එක 25 වැනිදා හවසට කාටත් වැටහෙයි.මට සැක රනිල් මෙච්චර නාගන්නේ මහින්ද ගානක් දිලවත්ද කියාය.









4 comments:

  1. අනේ මන්ද..ආණ්ඩුවක් හ‍රි මග යන්න නම් ශක්තිමත් විපක්ෂයක් තියෙන්නත් ඕන....ගොබ්බ රනිල් නිසා පක්ෂමය විනාස වෙනව..හ‍රි හමන් විපක්ෂයක් නැති එකේ රගේ පේන්නෙ යුද්ධෙ ඉව‍ර උනාම තමයි..

    ReplyDelete
  2. @ පොතේ ගුරා
    ඔබගේ අදහස හරිය.ශක්තිමත් විපක්ශයක් නොමැති විමෙන් සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට යැමයි.නමුත් මෙවැනි විහිළුකාර නායකයන් එක්ක විපක්ෂය කොහේ යනවාද කියා මටනම් හිතාගන්නත් බැරිය.

    ReplyDelete
  3. මට හිතෙන්නෙ රනිල් මහත්තයාට comedy king කුසලානය දෙන්න ඕන මේ කරන විහිළු වලට. මුළු ලෝකෙම නැතුව ඇති මේ වගේ රටට විහිළු සපයන විපක්ෂ නායකතුමෙක්. මට හිතාගන්න බැරි විපක්ෂනායකතුමා හරි මගට ගන්න එක උපදේශකයෙක්වත් නැත්තෙ ඇයි කියලා. මම අහල තියන විදියට නම් නහුතයක් උපදේශකවරු ඉන්නවාලු. එක්කො ඒ අයටත් පිස්සු. නැත්නම් ඉන්නෙ මේ රටේ නෙවෙයි.

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න