April 27, 2009

කවුද? මෙච්චර අපිව ගොනාට අන්දවන ගොනා.(මේ අඩහැරයෙන්)

අප රටතුල හො ලොවතුල සිදුවන සිදුවිම් පිලිබදව අවබෝධයක් ලබන්නේ මාධ්‍ය තුලිනි.එවා විදුත් සහ මෘද්‍රිත යන දෙයාකාරයකින් නිකුත්වේ.එකම පුවතක් මධ්‍යන් දෙකක දෙ ආකාරයකින් දැකිය හැකිමුත් මෙම පුවත මාධ්‍යන් දෙකක් තුල දක්නට ලැබුනේ හාත්පසම වෙනස් ආකාරයෙනි.මෙහි සැබැ පුවත කුමක්ද?යන්න මා තුල ඇතිවු බලවත් කුතුහලයම මෙම සටහන ලියන්නට හේතු කාරණා විය.

පුවත මේසේය.

පසුගිය දිනක ජාතික රැපවාහිණි නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයකදි මනෝගනේෂන් මන්ත්‍රීවරයා කොටි ත්‍රස්තයන්ගේ මහවිරැ සමරැවකට එක්වෙමින් දෙමල ජනතාවට වෙනම රටක අවශතාවය දක්වමින් කල කථාවක කොටසක් පෙන්වන ලදි.
ජාතික රෑපවාහිනයේ පෙන්වු අයුරැ
.




මෙම විදුත් මාධ්‍ය එසේ පෙන්වද්දි මෙම මස 26වන ඉරැ දින ප්‍රකාශයට පත්කළ රාවය පුවත් පතේ මුල් පිටුවේම විමල්ට බයේ රටින් යන්නේ නැහැ කියා තිබු සටහන වැඩිදුරටත් කියවද්දි එල්ටිටි සංවිධානයේ මහවිරැ දිනයකට තමා කිසිදු දිනක සහභාගි නොවු බව එම මනෝගනේෂන්ම ප්‍රකාශකර තිබේනු දක්නට ලැබුනි.

රාවය පුවත් පතේ පලකර තිබු ආකාරය.
මෙම ලිපිය දැකිමත් සමග මට ඇතිවුයේ ලංකාවේ මාධ්‍ය ගැන මහත් කළ කිරිමකි.එනම් කව්ද අපව මෙපමණම ගොනාට ඇන්දවිමට උත්සහ කරන්නේ යන්නයි.දෙකම රට තුල පිලිගත් මාධ්‍ය ආයතන දෙකකි.දෙකටම වගකිමකින් තොර පුවත් ජනතාවට ප්‍රකාශ කිරිමේ කිසිදු අයිතියක් නැත.
එක්කො මෙම
ජාතික රැපවාහිනිය දමිල ජනතාව වෙනුවෙන් පෙනි සිටින මානව හිතවාදියෙක් ද්‍රෝහියෙකු ලෙස පෙන්වමින් දෙමල සහ සිංහල ජනතාව තුල මෙම නියෝජිතයන් කෙරෙහි වෛරයක් ඇති කරමින් අපව ගොනාට ඇන්දවිමට උත්සහ කරයි.
නැතිනම් රාවය පුවත්පත වෙනම රටක් ලෙස ඊලම නම් ප්‍රභාකරන් නැමති මිලේච්ඡයා දුටු කිසිදා සැබැ නොවන දවල් සිහිනය සැබැවක් කිරිමට කැපවෙමින් ජනතාව ඉදිරියේ ඔවුන් වෙනුවෙන් කැපවෙනවා කියමින් මුව හම පොරවා ගත් කොටියෙකු සුරකිමේ උත්සහයක නියෙලෙයි.
මෙම අයගෙන් කවුරැන් හො අපිව ගොනාට අන්දවනවා යන්න දැන්නම් ඔබටත් වැටහෙනවා නේද? ගැටලුව මේ ඇන්දවිම කරන්නේ කවුද? කුමක් උදේසාද? යන්නයි.
එසේම ත්‍රස්තවාදි කණ්ඩායමකට කුමන හො ආකාරයකින් සහය දැක්විම දඩුවම් ලැබිය හැකි වරදක්ව තිබියදිත් පොලිසිය මොහුව අත් අඩංගුවට නොගන්නේ ඇයිද?යන්න මාහ‍ට මිලගට ඇතිවු ගැටළුව වන අතර මෙවැනි වගකිමකින් තොර අභුත චෝදනාවක් නැගු මාධ්‍ය ආයතනයට විරැද්ධව මනෝගනේෂන් ක්‍රියාමර්ග නොගන්නේ ඇයිද යන්න මාහට ඇතිවු අනෙක් ගැටළුවයි.
ජාතික රෑපවාහිනියද? ‍රාවය පුවත්පතද? ආන්ඩුවද? මනෝගනේෂන්ද?
කව්ද???කව්ද???
අපි මෙච්චර ගොනාට අන්දන්න හදන ගොනා.දැන්ම දැන ගැනිම කොකටත් හොදය.මොකද වැඩිකල් යන්නට පෙර අපිව කව්රැන් හො ගොනාට අන්දවනවාට සැකයක් නම් නැත.නැතිනම් අපි බලෙන්ම ඇදගනිවි.
Downlord free embroidery design today.


3 comments:

  1. උතුරේ අපේ කොල්ලන්ගේ වික්‍රමය මිස ඡාතික (මඩ)වාහිනියේ ප්‍රවෘත්තිවල වත් ගන්න දෙයක් නෑ.අනික් සියලු මෙහෙයුම් වල ඉලක්කය ගැන කවර කථාද ?

    ReplyDelete
  2. මනෝ ගනේෂන් LTTE එකට පක්ෂව කතා කරන්නෙ නැත්තම් එයාගෙ ෂර්ට් එකේ තියන බැජ් එකේ ලංකාවෙ රතු පාටට පෙන්වන කොටස මොකක්ද?

    ReplyDelete
  3. ඈ මනුස්සයෝ මනෝ නෙවේ ඕන හොරෙක්ගෙන් තෝ හොරෙක් ද කියලා අහුවම ඔවු මං හොරෙක් කියනව ද? ජාතික රූපවාහිනිය ප්‍රවෘත්ති වලට වීඩියෝ හදනවා කියල ද හදන්නේ? ඌ LTTE එකට කඩේ යන්නේ නැත්තන් පුක ඉරාගෙන LTTE එකේ ස්ටේජ් එකක කෑගහන්නෙ සාමෙ ඕනා කියලා ද? වීඩියෝ කියන්නේ හදන්න ටිකක් අමාරු එකක් පින්තූර, කතා, ලිපි වගේ නෙමෙ මං හිතන්නෙ උත්තරය මිනිස්සු දුන්න චන්දෙ දි රැවටිලා වෙන්න ඕනා දුන්නේ

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න