April 7, 2009

මිනිසත්බව නොහදුනන මිනිසුන්

මේ ඔබ දකින්නේ චිත්‍රපටයක සටන් ජවනිකාවක් නොව.එදා කුරිරැ ත්‍රස්තවාදින් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන් අනුරාධපුර ශ්‍රී මහා බෝධියට එල්ල කල ප්‍රහාර යයි.ප්‍රථමයෙන් මෙය නරඔන්න.





මෙසේ සිත් පිත් නොමැතිව එලව එලවා පහර දිමට තරම් පුදබිමක සැදැහැ සිතින් තම ආගම දහම මෙනෙහි කරන මේ ජනතාව ප්‍රභාකරන්ට කර ඇති අසාධාරණය කුමක්ද? ඔබටත් මෙම දර්ශණය තුළින් පමනක් වුවද ත්‍රස්තවාදයේ සැබැ මුහුණුවර කුමක් දැයි මැනවින් අවබෝධකර ගැනිමට හැකියාවක් නොමැති ද? ත්‍රස්තවාදය නම් එය ලොව කොතැනක තිබුනත් එය ත්‍රස්තවාදයමය එයට හොද ත්‍රස්තවාදින් නරක ත්‍රස්තවාදින් කියා දෙපිරිසක් නැත.එනමුත් එල්ටිටිය නම් මේම ත්‍රස්තවාදින් අතරද නරකම ත්‍රස්තවාදය නොවන් නේද?

8 comments:

  1. මිත්‍රයා,මෙය ඔවුන්ගේ එක් පාපතීර්ක වැඩක් බව මම පිළිගන්නෙමි. නමුත් ඔබට පිලි ගන්න වෙනවා අපිත් මෙවැනි දේ කර ඇති බව. හැකි නම් කළු ජුලියේ එව්වා දාන්න, හොයන්න. එතකොට තෙරේවි.

    ReplyDelete
  2. @ -බිன்ku-
    කළු ජුලිය යන්න අපේ දේශපාළුවන් සිංහල ජනතාව ‍ගොනාට ඇන්දවු දෙයක් වන අතර එමගින් ලැබු අවබෝධයත් සමග සිංහල ජනතාව වර්තමානය වනවිට ජාතිවාදය යන්න ප්‍රතික්ෂේප කරන තත්වයකට පත්ව ඇත.
    නැතිනම් මැත කාලයේ සිදුවු සිදුවිම් සියල්ල සිංහල ජනතාව උපේක්ෂාවෙන් යුතුව බලා සිට්න්නේ මෙය දෙමල ජනතාව නොව ත්‍රස්තවාදින් විසින් සිදුකරන ක්‍රියාවත්බවත් ත්‍රස්තවාදින් හා දෙමල ජනතාව යන්න හත්පසින්ම වෙනස් දෙපිරිසක් වනබව සිංහල ජනතාව මනා අවබෝධයකින් යුතුව කටයුත් කරයි.මා වැරදි නම් වර්තමානයේ එසේ සිදුවු සිදුවිමක් ඔබට දැක්විය හැකිද?

    ReplyDelete
  3. මෙවැනි පාපක්‍රියා -බිன்ku- විසින් ද කර ඇති බව පිළිගැනීම වටිනවා. නමුත් අපි කවදාවත් ඒ වගේ ජඩ පහත් වැඩ කළේ නෑ. ඇයි 1983 ගැන ම දොඩවන්නේ ඊට පස්සේ මේ රටේ ඉතිහාසය ඇනහිටිය ද? 83 මෝඩ තක්කඩි යූඇන්පිය කළ තකතීරු බලු වැඩවල වගකීම අපි භාරගන්නේ නෑ. ඒවා මේ රට කාපු යූඇන්පිකාරයෝ බාරගන්න ඕන.

    ඒකත් වුණේ පිරපාහරන්ගේ උගුලේ උන් වැටුණ නිසා. 1983 කියන්නේ ඊළාම්වාදයට කප්රුකක්. සුරබිදෙනක්. උන් එදත් අදත් හෙටත් විකුණන්නේ 83. දකුණේ ඉන්න, කොටියට කඩේ ගියා ම තමන් මානව හිතවාදීන් වෙනවා කියා හිතා ඉන්න පිංගුත්තරයොත් විකුණන්නේ 83. ප්‍රභාකරන් වරක් TIME සඟරාවට කියා තිබුණා 83 වන තුරු තමාට හිටියේ සෙබලු 200 අඩු ගාණක් කියලා. 83 කළු ජූලියට පස්සේ තමා මිනිහගේ වාසනාව පෑදුණේ.

    දෙමළ තරුණයෝ රොත්ත පිටින් කොටියා තමාගේ ග්‍රහණයට ගන්න අටවපු උගුළේ මෝඩ යූඇන්පිය නොවැටෙන්න කොටින්ට මෙච්චර ව්‍යාප්ත වෙන්න ඉඩලැබෙන් නෑ. විදෙස් රටවල් වුණත් කොටියට උදව් කරන්නේ නැහැ.ඒ නිසා ප්‍රභා, උදේ හවස මල් තියා වඳින්න ඕන අර යූඇන්පිකාරයින්ට. දකුණේ ඉන්න අමන තක්කඩි අපට ඊළමේ ඉතිහාසය කියාදිය යුතු නැහැ. කොහොම වුණත් 83ට පස්සේ ප්‍රභාකරන්ගේ උගලේ මේ රටේ මිනිස්සු වැටුණේ නැහැ.

    83 ඛේදවාචකය වසර 30 තිස්සේ සිය දහස් වර සිය ඇස් ඉදිරියේ යළි යළිත් පෙනෙද්දි මෙරට සිංහල ජනතාව දෙමළ ජනතාවට කිසිම හානියක් කළේ නැහැ. ඒ ඉවසීමට නොබෙල් තෑග්ග දෙන්න ඕන මෙරට වැසියන්ට. අද උතුරු නැගෙනහිරට වඩා දෙමළ අය ඉන්නේ සිංහල අය සමග දකුණේ. ඔවුන් සහෝදරත්වයෙන් ජීවත් වෙනවා. දැන් මුළු රටේ කිසි ම බිම් අඟලක් කොටියට අයිති නැහැ. රට එක්සේසත් වුණා. මේක බලා ඉන්න බැරි එවුන් සයනයිට් කරලක් කාලා මුහුදේ පනිනවා හැරෙන්න විකල්පයක් නැහැ.

    ඒ වගේ ම 1960 දශකයේ වතිකානුව ගත් තීරණය අනුව ඒ ඒ රටවල කතෝලික සභා ස්වදේශීයකරණය කිරීමේ තීරණය ලංකාවේ තව ම සිදු වී නැහැ. අපට අවශ්‍ය මර්සලීන් ජයකොඩි පියතුමා වගේ කතෝලිකයෝ මිසක් ද්‍රොහියෝ නෙමෙයි. ඒ වගේ පියවරු විතරයි රටට ආදරය කරන ජනතාවක් පල්ලියෙන් බිහි කරන්නේ. ඒ ගැන මෙරට දේශප්‍රේමි කතෝලික ජනතාව කල්පනා කළ යුතු කාලය එලඹිලා.

    ReplyDelete
  4. සසික ඔබේ පිළිතුරු හරිම තර්කානුකූලයි. දැන් කට වහගන්නවා හැර උත්තර නැහැ එයාට. ඔයාගේ අඩවියේ නම අඬහැරය විය යුතුයි.

    ReplyDelete
  5. @ නාමල් උඩලමත්ත
    එම වැරැද්ද පෙන්වාදුන්නාට බොහොම ස්තුතියි.මම එය නිවැරදි කරන්නම්.

    ReplyDelete
  6. @ නාමල් උඩලමත්ත
    ඔබගේ අදහස නිවැරදියි.කළු ජුලිය සදහා වගකිව යුත්තේ සිංහල ජනතාව නොව එවකට රට පාලනය කල හැත්තයි.මෙම සිදුවිම තුලින් ලංකාවට සිදුවු අපකිර්තියේ සේයාවන් තවමත් මැකි නැහැ.දැනට වසර ගණනක් ගෙවි ගොස් ඇතිමුත් තවමත් මෙය උඩ එන්නේ එබැවිනි.එදා අන්ඩුව විසින් මෙය කෙසේ හෝ නැවැත්වුවා නම් වර්තමානයේ මෙවැනි ත්‍රස්තවාදි කන්ඩායමක් බිහිවිමේ ඉඩකඩ අවමවිමට තිබුනා.
    නමුත් එහි වගකිම ගනු තියා මැතදි ඇතිකර ගත් සටන් විරාමය තුලින් රටට සිදුවු අගතිය නොදකින මේ හැත්ත එයත් එය නිවැරදි යයි කියවමින් සිටිමද හිනාවට කරැනක් නොවන්නේ ද?

    @ බින්කු
    මේමගින් මම කළුජුලිය සාධාරණිකරනයක් කරනවා නොව, නමුත් සිංහල ජනතාව එම ගොනාට ඇන්දවිම් හොදින් වටහාගෙන හොද අවබෝධයකින් කටයුතු කිරිමම නොවටින්නේ ද?

    ReplyDelete
  7. නාමල් මාමා, මම කට වහන් ඉන්නවායැයි ඔබ සිතුවා නම් කණගාටුයි. මට අන්තවාදී හිතක් නැති අතර, මට මගේ මතයන් අනුන්ට පොවන්න උවමනාවක්ද නැති බවක් කියන්න කැමැතියි. ලංකාවේත් මා සිටිනා රටේත් කාල පරතරයත් නිසා ඔබ පිලිතුරු දමන විගස මට දෙන්නත් බැහැ. හැරත් මට හැමවිටම පිළිතුරු දුන් හැමතැනම ගිහින් බලන්නත් බැහැ, දැනුත් ඇවිත් බැලුවේ මිතුරෙකු කී නිසයි. මම පල කලේ මගේ මතයක්. ඒ මිස මට කාවත් සාධරණීය කරන්න උවමනාවක් නැහැ, මට තවමත් අපේ රට කෑ මිනීමැරු දේශපාලකයින් සිටියද්දි තැවුලක් තිබෙනවා මිස.

    මට කිමට අවශ්‍ය වුයේ කොටින් වැනි ත්‍රස්තවාදි කණ්ඩායමක් කල වැඩක් වුවත් එදා අපි කල්ලි ගැහි (සියල්ලන් නොව.) කල වැඩක් ගැන කීමයි. ප්‍රභාගේ කොටි සංවිධානයේ ආරම්භය වුයේ මේ සිද්ධියයි, ඔබ කියනා ආකාරයේන් උගුලක් තිබ්බායැයි මට කිසිදු සිංහළෙන්වත් දෙමළෙන්වත් ලිව්ව කිව්ව තැනක් හමු වුයේ නැහැ එක තැනකින් මිස. නමුත් මාත් පිලිගන්නවා අපිම මේ කොටින්ට එදා අතහිත දුන්න බව අපේම මෝඩකම් නිසා.

    නාමල් අයියේ අපේ රටේ තවත් විවෘත වුණා නම් මම සතුටුයි, හමුදාව අතිනුත් ඇතැම් විටෙක හෝ වැරදීම් තිබෙන බවත් මේ නොකී කාරණා නො තිබෙන්නට මාත් ඔබේ පැත්තේ සිටින්න තිබ්බා. නමුත් මට දෙපැත්තටම බර වෙන්න කල් මදී. මේ යුද්ධය ඉතිරි භූමිය අත් කර ගත් පසුද නිසි අයුරට දෙමල ජනයාට තැනක් දෙමින් එක රටක් ලෙස හැමදාමත් තිබෙන්න කටයුතු නොකලොත් නැවත මෙය හිස ඔසවනවා නියතයි. සිංහල ජනයාට වගේම යාපනේ ජන්යාටත් නෝබෙල් තෑග්ගත් පිරිනමන්න ඕනේ. මට තව දුරටත් මේ විවාදය ගෙනියන්න ඕනේ නැහැ, ඔබ හරි නම් ඔබ හරි, එය මට හරි වෙන්නම ඕනේ නැහැ නේද?

    සසික අයියාගේ මධ්‍යස්ථ පිළිතුරට ස්තුතියි.

    ReplyDelete
  8. Against MethodApril 17, 2009

    @සසික
    සහතික ඇත්ත. ත්‍රස්තවාදය කොතැනක, කුමන හේතුවක් නිසා කරත් එය ත්‍රස්තවාදයම තමයි. ඒක ම්ලේච්ඡයි. ඒ ගැන තර්කයක් නැහැ. යමෙක් ත්‍රස්තවාදය සාධාරණිකරනය කරනවා නම් එය කල හැක්කේ උම්මතතකයෙකුට හෝ නරුමයෙකුට විතරයි.

    ඒත් එක්කම කියන්න ඕන කාරණය තමයි. ත්‍රස්තවාදය යුධ උපායක් විදියට යොදාගන්නේ ලේබල්වුනු ත්‍රස්තවාදී සංවිධාන හෝ කල්ලි පමණක් නොවන බව. විවිධ රටවල රාජ්‍ය හමුදා මෙන්ම රාජ්‍ය අනුග්‍රහය ලබන කල්ලි වල ඉදන් පාතාල කල්ලි දක්වා ත්‍රස්තවාදය භාවිතා කරනවා. ඒ හේතුවෙන්ම තවත් පිරිසක් ත්‍රස්තවාදය වෙතට ඇද දමනවා.

    මිට වසර ගණනාවකට පෙර අනුරාධපුරයේ සිදුවුනු මේ ඛේචවාචකයේ ඇති ම්ලේච්ඡත්වය හා තිරිසන් බව ගැන වාද කරන්න දෙයක් නෑ. ඒක එහෙමම තමයි. එසේ මරා දැමෙන්නට තරම් ඒ මිනිසුන් කල වරදක් නැහැ. ඒත් ඔය සමඟම අමතක කරන කාරණය තමයි, අනුරාධපුර සිද්ධියට හේතුපාදක වුනු සිද්ධීන් හා එය සිදුවුනු ආකාරය.
    ජනප්‍රියම මතය තමා දෙමල ත්‍රස්තවාදීන් සිංහලයන් කෙරෙහි තිබූ වෛරය නිසා පැමිණ මෙවන් විනාශයක් සිදුකල බව, එහෙත් කවුරුත් කතා නොකරන දෙය තමයි. ඊට මූලිකව උත්රේ සිදුවුනු සිද්ධීන්, අපේ ඒකපාර්ශ්වික මාධ්‍ය භාවිතය තුල අමතක කර දැමූ කාරණය තමයි, ඊට ටික කලකට පෙර උතුරේ ගම්මාන වලට රජයේ හමුදා පහර දී අහිංසක සිවිල් 'දෙමළ' වැසියන් පිරිසෙක් මරා දැමූ බවත්, එවැනිම තවත්'ත්‍රස්තවාදී' ක්‍රියාවන් කිහිපයකට දුන් නරුම පලිගැනීමක් ලෙස අනුරාධපුර ප්‍රහාරය සිදුවුනු බව.

    වත්මන් පරම්පරාවට දැනුවත්ව හා නොදැනුවත්ව උගන්වන ඒක පාර්ශ්වික ඉතිහාසය තුල හිතාගෙන ඉන්න හැම දේම ඇත්ත නෙවෙයි. දැන් ඔබ මේ කාරණය විශ්වාස නොකරනවා නම් ඔබට පුලුවන් ඒ සමකාලීන සිදුවීම් ගැන විවෘතව හොයල බලන්න.‍ කොහොම උනත් කාරණා එසේ වීම නිසා වරදක් තවත් වරදක් නිසා නිශේධනය වෙන්නේ නැහැ. ත්‍රස්තවාදය තස්තවාදයම තමයි. හැමවිටම එය ප්‍රතික්ශේප කල යුතුයි.

    කළු ජූලිය කියන්නේ 'දේශපාළුවන් සිංහල ජනතාව ‍ගොනාට ඇන්දවු' ලෙස සරලව අමතක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහි ආරම්භය පැහැදිලිවම දේශපාලනික ගේම් එකක්. එත් ඒක හුදකලා සිද්ධියක් නෙමෙයි. ඒ වගේම 1983 න් ලැබූ අවබෝධය නිසා දකුණ ජාතිවාදය ප්‍රතික්ශේප කලා නම්, ඔය විදියට ජාතිවාදය ප්‍රතික්ශේප කරන්න තිබුනේ ඊට පෙර 1956-58 වැනි ජාතිවාදී කොලහල වලින් පසු. ඒත් එහෙම සිදු වුනේ නැහැ. ඒ වෙනුවට ජාතිවාදය වඩ වඩාත් ශක්තිමත් උනා. අන්තිමේදී 83 න් එය කූටප්ප්‍රාත්ත වෙලා ස්වරූපය වෙනස් විමකට ලක් උනා. දැන් උනත් ජාතිවාදය ප්‍රතික්ශේප වී ඇතැයි කීම බොරුවක්.

    අනික ත්‍රස්තවාදය කියන්නේ හේතුවකින් තොරව බිහිවන ඵලයක් නෙමෙයි. ඊට මුලවුනු හේතූන් පොහෝමයක් තියෙනවා. ලෝකයේ කිසිම ත්‍රස්තවාදයක් ඕපපාතිකය ඇති වෙලා නැහැ. ප්‍රභාකරන් කියන විකෘතිය බිහි උනේ ඊට අවැසි සරු පස සහ ‍පොහොර නිසි පරිදි ලැබුනු නිසා.

    @නාමල් උඩලමත්ත,
    නාමල් උඩලමත්තමහත්මයා 'අපි' කියල අදහස් කලේ කවුද කියන්න මම දන්නේ නැහැ. ඒත් එවැනි පාප ක්‍රියාවන් ලංකාවේ ජීවත් වූ (නො)මිනිසුන් සමහරක් සිදුකල බව තමයි ඇත්ත. ඒක UNP කාරයන්ගේ තකතීරු වැඩක් විතරක්ය, ඒකේ වගකීම ඒ UNP කාරයන්ම විතරක් බාරගත යුතුය කියන්නේ උගුරට හොරා බෙහෙත් බොන්න කරන උත්සහයක් විතරයි. පාලක UNPයේ 83' ට ඇති සම්බන්ධය ප්‍රසිද්ධ කරුණක්. ඒත් රටපුරා ඒ නරුම ක්‍රියාවලියට හවුල් උනේ UNP කාරයන්ම විතරයි කියන එක පට්ටපල් ‍බොරුවක්. 'වගකීම අපි භාරගන්නේ නෑ' කියල උඩලමත්ත මහත්තයා කියන කොට කවුද මේ 'අපි' කියන එක ප්‍රශ්නයක්.

    83' කළු ජූලිය ප්‍රභාකරන්ට කප්රුකක් වෙච්ච එක ඇත්ත. ඒ නිසා විශාල වශයෙන් දෙමළ තරුණයන් සන්නද්ධ කල්ලි වලට එක්වුනා විතරක් නෙමෙයි, විදේශගත-විගමනික ආධාර ජාලයක් පවා නිර්මාණය උනා. තත්වය එසේ වීම ප්‍රභාකරන්ට ලැබුනු අහඹු අවස්ථාවක් මිසක් එය ප්‍රභාකරන් විසින් සිතා මතා සැලසුම් කල දෙයක්ය කීම අමන විහිළුවක් පමණයි.

    මට 83' තොරොම්බල් කරමින් ඉදීමට උවමනාවක් නැහැ. මොකද මට අනුව 83 කියන්නේ එක් සිද්ධියක් පමණයි, ඒය අතිශයින්ම තීරණාත්මක ඛේදවාචයක් මෙන්ම, එය යම් ක්‍රියාවලියක තාර්කික ඵලයක්. ඒ මිසක් ඒ මොහොතේ ගොඩනැගුනු හා කෙලවර උනු දෙයක් විදියට සලකන්නේ නෑ. අමතක නොකල යුතු අනෙක් කරුණ තමා 83ට පෙරත් ජාතිවාදී ගැටුම් ඇතිවුනු බව. ඒවා අමන දේශපාලඥයන්ගේ මැදිහත් වීම තුලින් ඇතිවුනා වුනත්, සමාජයක් වශයෙන් එවායේ වගකීම් වලින් ගැලවී ඉන්න කිසිවෙකුට බැහැ. 83 සම්බන්ධයෙන් උනත් ඒකම තමයි.
    ඊට පසු උනත්,

    83 ට සාමූහික සිංහල ජනයාගේ සම්මාදම් වීමකින් සිදුවූවක් නොවනවා වගේම, දෙමල ත්‍රස්තවාදයට ද සාමූහික දෙමල ජනයා‍ගේ සම්මාදම් වීමක් නෑ. එහෙත් ඒවා එසේ වීම සම්බන්ධයෙන් වන වගකීමෙන් ඒ කිසිවෙකුට මිදෙන්නත් බැහැ. රට ක්‍රමයෙන් ම්ලේච්ඡත්වය වෙත ඇදී යනතුරු ඇස්කන් වසාගෙන සිටි සිවිල් සමාජයත්, බුද්ධිමතුන්ය කියාගන්නා අයත්, එමෙන්ම ප්‍රගතිශීලි පොරෝනා තුල ඔතා ජාතිවාදය සමාජගත කල-කරමින් ඉන්නා කිසිවෙකුටවත් ඒ වගකීමෙන් මිදෙන්න බැහැ.

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න