May 3, 2009

වකුගඩුවක් නැති වෛද්‍ය උපුල් ගුණසේකර

තම අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලිම් කිරිමත් එවා නොලැබෙන්නේ නම් එවා කුමන ආකාරයකින් වුව දිනා ගැනිමත් වරදක් නැත.එනමුත් අපේ මිනි විකුණා තම අයිතින් දිනාගන්නා මෙවැනි හැත්තක් මෙවැනි දේව කාර්යක් සිදුකිරිමට නම් කිසිසෙත් නොගැලපේ.
අනුරාධපුර,පදවිය,පොළොන්නරැව,ශ්‍රී පුර සහ මහවැලිජනපද ආශ්‍රීතව සිග්‍රයෙන් පැතිර යන වකුගඩු රොගයෙන් දැනට දුක්විදින පිරිස 15000ක් ඉක්මවන අතර ඔවුන්ගෙන් 8000ක් සදහා කඩිනම් ප්‍රතිකාර හිමිවිය යුතුව තිබේ.මෙම රෝග සදහා දැනට කොළඹ ජාතික රොහලේ පමනක් ප්‍රතිකාර සිදුකරනු ලබන අතර එමගින් වසරකට සිදුකරනු ලබන වකුගඩු බද්ධ කිරිම් ගනන 100ක් පමන වන අතර 8000ක් පමන රොගි සංඛ්‍යාවකට මෙය කිසිසෙත් නොසැහේ.
මේ සදහා ගත් විසදුමක් ලෙස ඉදිකල ජාතික වකුගඩු බද්ධ කිරිමේ සහ පර්යේෂණ ආයතනය පසුගිය මාර්තු මස 19වන දින ආරම්භ කිරිමට නියමිතව තිබුනද නිළධාරින්ගේ කඹ ඇදිල්ල හේතුවෙන් මෙය දින නියමයක් නොමැතිව කල්දමා ඇත.
මෙසේ කල් දැමිමට තරම් හේතුවි ඇති ගැටළුව නම් මෙහි කටයුතු කිරිමට සහ පර්යේෂණ කිරිමට මහාචාර්ය එකකයට කොටසක් භාරදිමට තිරණය කිරිම ප්‍රතිපත්තිමය ගැටළුවක් ලෙස දක්වමින් වෛද්‍ය උපුල් ගුණසේකර ඇතුළු රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය මෙම කරැන සදහා එකගතාවයකට නොපැමිනිමයි.
නමුත් මෙහි වැදගත්ම කරැණ නම් තම ප්‍රතිපත්ති වලට මුල් තැන දෙමින් අහිංසක රෝගින්ට මරැකැදවිමට තරම් උපුල් ගුණසේකර ඇතුලු පිරිසට තිබෙන අයිතිය කුමක්ද යන්නයි.එසේම මොවුන්ට වටින්නේ ප්‍රතිපත්තිද අපේ ජිවිතද යන්න වෛද්‍යවරැන්ගේ සංගමය දැන්වත් තිරණය කලයුතු නොවේද?


Free embroidery design

2 comments:

  1. ඔය සංගමයට පුලුවන් පඩි මදි කියා රෝගින් උකසට තබම්න් බෙරිහන්දිම පමණයි රොගින්ව මරා දමා හො තම අරමුන ඉටුකර ගැනිම ඔවුන්ගේ සිරිතයි

    අනිත් කාරණය අපෙ මිනිසුන්ද වෛද්‍යවරැන්ව උඩ දමනවා වැඩිය ඔවුන් කරන්නේද නගර සහාවෙ කුණු අදින්නා ‍වාගේම(උදාහරණයකි) තවත් රස්සාවකි ..එය දෙව කරියක් ලෙස සිතිමට නොවුමණාය.

    ReplyDelete
  2. මන් හිතන්නේ අර කිඩ්නිය පාවිච්චි කරනවා කියන්නේ මේ ගොල්ලො ඒක කරනවා වෙන්න ඇති

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න