May 14, 2009

දැන් තියෙන අළුත්ම හිට් එක.



කලින් කලට හිට් වෙන දෙවල් තිබේ .හරියට මේ බ්ලොග් වගේය.දැන් තියෙන අළුත්ම එක නම් කොටි කටෙන් ගැලවි එන අහිංසක දමිල ජනතාව නැවතත් හමුදාවේ කදවුරක ජිවත්වන බව කියා කැගැසිමය.මේ සමගම තව එකක් ඇත.එනම් ලංකාව ලේ විලක්බව හඩ නගා කිමය.මේ වදන් අද හිට්වෙන හොදම දෙවල්ය.
මට මෙම සටහන ලියන්නට අදහස් වුයේ අද වික්‍රමභාහු මහතාත් ඊයේ දින සංගරි මහතාත් කල ප්‍රකාශයන්ය.
ඔවුන්ට මේ අලුත් දුක හදිසියෙම පහලවුයේ කෙසේ දැයි මම නම් නොදනිමි.එහෙත් මේ දුක දැනට වඩා දමිල ජනතාව විදි පෙර අවදිවල මේ දුකෙන් මිදෙනලෙස එක ඔය කයිගහන්නෙක්වත් කිව්වේ නැත.ඔවුන් දුක් විදිනබව,එ සදහා විරැද්ධවිය යුතුබව මොවුන් පමනක් නොව ‍දැන් දගලන ජත්‍යන්තර කොටි හිතවාදින්ද කිව්වේ නැත.දැන් ඒ ජනතාව නිදහසේ හුස්ම ගන්නවාටවත් මේ හැත්ත තුල කැමැත්තක් නැත.ඒ මන්ද මට සහ ඔබට මෙන් නොව මෙම ත්‍රස්ථවාදය වැපිරිම තුලින් ඔවුන් තම බඩ වඩාගන්නා බැවිනි.
අද නැතිනම් මේ කරැණාරත්න මහතාට හදිසියේ මෙවැනි දුකක් ඇති විමට කිසිදු හේතුවක් නොමැත.එසේම ශ්‍රි ලංකික අප පුරා 30 වසරක් විදි මේ අපාදුක නිමාවන් මේ මොහොතේ සමස්ථ ශ්‍රි ලාංකික අපවෙනුවෙන් නොව තමන්ගේ ලොකුකම් පෙන්වමින් මේ ත්‍රස්ථයන් රකිමින් අප රටේ විනාශයට තවතවත් උරදෙන මෙම ජාත්‍යන්තර ප්‍රජාවට බස් රථ තුල ,දුම්රිය තුල,ආගමික මධ්‍යස්ථාන තුල නැගුනු වෙඩි හඩ නැසුනේ මන් දැයි මා හට ඇති ලොකුම ගැටළුවයි.



(හෙට කියනවා රනිල්ගේ අළුත්ම හිට් එක)

1 comment:

  1. AnonymousMay 14, 2009

    වික්‍රමබාහු නොහොත් පචබාහු දේශපාලනික වශයෙන් අනාත වු පුද්ගලයෙති
    ඔහු කොට් වෙනුවෙන් කඩෙ යන්නාවු තවත් එක් නිවටයෙකි.අනික් අතට මෙ පුද්ගලයා සමග සිටින අනිත් පිරිසත් මෙ අකාරයෙම පිරිසක් බව පැහැදිලිය එ අතර රනිල් /සිරිතුංග චමිල් මුලිකවම සිටි

    අනිත් කාරනය ජාත්‍යන්තර ප්‍රජාවට අපි ගැන ඇත්තේ පුදුම ඇම්මකි ඉරාකය තුල සිදුවන විනාසයන් මෙ එකෙකුටවත් නොපෙනේ .උන්ට හොදට අපට නරකට

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න