May 18, 2009

මේ අපේ උදාරවු මාතෘ භුමියයි.



ලක් දෙරන ලෙයින් නැහැවු එ පපාතරයා අද දින අප අතරින් සදහට සමුගෙන ඇත්තේ ලක් දෙරන තුල ජිවත්වන සියළු ජනතාවට නිදහසේ හුස්ම පොද ගැනිමේ අවසරය ලබා දෙමිනි.පුරා වසර 30ක් තිස්සේ මේ පාපතරයාගේ කෘරකම් වලට නතුනොවු ජාතියක්,ආගමක් මේ ලක් පොලව තුල නොවිය.සියළු දෙනා මෙම පාපයෙන් එකසේ බැට කැහ.
එහෙත් මේ පාපතරයන්ට අද දින විරෝධාර හමුදාවන් දියයුතු නිසි දඩුවම ලබාදි ඇති අතර මෙවැනි සංවිධානයක් නියපොත්තෙන් කැඩිය යුතු කාලයෙදි තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා එසේ නොකර මෙතෙක් වර්දනය විමට ඉඩ තැබු සියළුම දෙනා මෙම වියසනයට ගොදුරැවු සියළුදෙනා සදහාම වන්දි ගෙවියයුතු හොදම කාලයද මෙයම නොවන්නේද?
එසේම මෙවැනි පාපතරයන් ලක් දෙරන තුල නැවත බිහි නොවිම සදහා ද අප විසින් කල යුතු ක්‍රියාකාරකම් රාශියක් ඇති අතර ලක් දෙරනට සැබැ නිදහස නියත වශයෙන්ම හිමිවනුයේ අද නොව සියළු ලංකික ජනතාවට සැබැ විමුක්තිය උදාවු දිනයටයි.එ දිනයද වැඩි ඇතක නොවන බව නම් ඉර හද මෙන් විශ්වාස අතර ඒ ජනතාව සැබැ නිදහස ලබා අප සියළු දෙනාම එකට මේ සොදුරැ නිදහස භුක්ති විදින දිනයද මේ අයුරින්ම උදාවේවා යන්න මගේ ඒකායන පැතුමයි.
එසේම මෙම විර ක්‍රියාව සදහා නොපසු බට උත්සහයෙන් කටයුතු කල ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු රජයටත් ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ ඇතුළු ත්‍රිවිද හමුදාවේ සේනාධිනායකයින් ඇතුළු සියළුම රණ විරැවන්ටත් අපගේ උත්තමචාරය මේ මොහොතේ පිලිගන්වනු ලබන අතර මේ නිදහස අපහට ලබාදිම සදහා දිවිදුන් සියළුම විරැවනුත් අප මේ මොහොතේ ගෞරවයෙන් මතක් කල යුතුය.
එසේම මෙම පාපතරයන් වෙනුවෙන් පෙනි සිටි සහ තවමත් පෙනි සිටින සියළු දෙනාටද මෙවැනිම හොද පාඩමක් ඉගැන්විමටද මේ හොදම කාලය නොවන්නේද?

No comments:

Post a Comment

ඔබේ අදහස අපට ලියන්න