May 25, 2009

දේශප්‍රේමින් රට හැර ගියාවත්ද?

ශ්‍රී ලංකාව යනු දැනට ලොව තුල පවතින රටවල් අතරින් මානව හිමිකම් උල්ලංඝණය වන,මාධ්‍ය නිදහස නොමැති,දුර්වල ආර්ථිකයකට හිමිකම් කියන දැනට පවතින ලොව නරකම රටය.මෙවන් රටක් දැනට ලොව තුල නොමැති අතර මිට පෙර තිබුනාදැයි නොදනිතත් ඉදිරියෙදි මෙම රටට සමාන රටක් ලොව තුල බිහිනොවන බව නම් මෙම රටේ අතලොස්සක් පමනක් සිටිනා සැබැ දේශප්‍රේමින්ගේ අදහසයි.
මොනවා නැතිවුනත් කමක් නැතිමුත් වර්ථමානයේ මෙම රටේ දැකිය හැකි වඩාත් අභාග්‍ය සම්පන්නම සිදුවිම වනුයේ අතලොස්සක් පමනක් සිටින සැබැ දේශප්‍රේම්,මානව හිතවාදින් ටිකින් ටික රට අතහැර යැමයි.එසේම තවත් ටික දෙනෙක් පමනක් මෙම රටේ විනාශය ගැන හඩක් නගනා අතර ඔවුන් පවසන දැ කනකට වත් නොගන්නා අප වැනි පැසුනු බුද්ධියක් නැති බොහො දෙනා ඔවුන්ව විවේඡනයට ලක්කිරිමෙන් මේ ඉතිරිවි ඇති දේශප්‍රේමින්ටද රට එපා වි නොර්වේ හො කැනඩාව වැනි මෙම සියළුදේ සපිරැනු රටකට ගොස් තම දිවියේ ඉතිරි කාලය දැහැමින් සෙමින් ගතකර දමයිද යන්න මා තුල පැන නැගුනු ගැටළුවයි.

මෙසේ රට අතහැර යන සහ දැනටත් සියුම්හො හඩක් නගනා දේශප්‍රේමින් බොහො විට පවසන්නේ ඔවුන් දේශප්‍රේමි ලාංඡනයෙන් ඉවත් කර ඇති බවය.එසේ විමට හේතුව ලෙස ඔවුන් ඉරක වැරදි පැත්තේ සිටිම යන්න අපහට පහදා දිමට උත්සහ කලද එයද සාර්ථක නොවිය.

එසේම මෙම දේශප්‍රේමින්ට දැනට මෙම රට පිලිබදව කලකිරිමට ඇති ප්‍රධානතම ගැටළුවක් වනුයේ කිරබත් කා මහමග අපවිත්‍ර කිරිමයි.වසර 30ක් පුරාවට මහමග මියගිය සාමාන්‍ය ජනයාගේ රැධිරයෙන් අපවිත්‍රවිමට වඩා මෙය අසෝබන ක්‍රියාවක් බැවින් මොවුන් මෙසේ කිරිම නුසුදුසු බව පෙන්වා දෙයි.

එසේම ඇතැමෙක් දමිල ජනයා හමුදා කදවුරැ තුල දුක්පිඩා විදින බවත් ‍එය නොමනා ක්‍රියාවක් බව පෙන්වමින් නියම දේශප්‍රේමිත්වය තුලින් එම ජනතාවට දැනට අත්‍යවශ්‍යම දෙය වනුයේ ආහාර පාන,ඇදුම් පැලදුම් ආදිය නොව ඔවුන්ට ඉක්මනින්ම පාලන බලය ලබාදිය යුතුබව පවසයි.බඩගින්නේ මලත් තමන් විසින් තමන් පාලනය කරගැනිම කොතරම් සැපක්ද?

මෙවැනි අල්පයක් පමනක් දැකිය හැකි සැබැ දේශප්‍රේමින්ගේ ප්‍රධානියකු වන රනිල් වික්‍රමසිංහ මහතාට ද වර්ථමානය වන විට රටද,තම විපක්ෂ නායක කමද එපා වි ඇති සේය.එසේ විමට මෙවැනි හේතුවි ඇති කාරණා කුමක් වුවත් නොපැසුනු බුද්ධියක් ඇති අප වැනි බහුතර ජනතාවට නිකමට හො මෙයට හේතුන් වනුයේ මෙම කරැනු විමට නොහැකි දැයි සිතේ.

ජාතික විරයෙක් ඉතා පිලිකුල් සහගත ලෙස මරාදමා රටේ විරයන් විමට උත්සහ ගැනිම.

මානව හිමිකම් උල්ලංඝනය කිරිම් කොතරම් කරත් ලෝක ප්‍රජාව මෙය හරි හැටි අවබෝධ කර නොගැනිම.

සැබැ දේශප්‍රේමින් වන මොවුන් වැනි අය ලංකාවේ දේශද්‍රෝහින් ලෙස නම් කිරිම.

තමන් ත්‍රස්ථවාදය අවසන් කිරිමට හො දියුණු කිරිමට ලබා දුන් සහය එලිවේය යන බිය.

හෝ මෙම මිනිමරැ ත්‍රස්ථයා අවසන් කිරිමට පටන් ගත් දින සිට මෙම මිනිමරැවා අවසන් ගමන් යන තුරැම මොහුව කෙසේ හො රැක ගැනිමට සහ ත්‍රීවිධ හමුදාව සහ ඒ වෙනුවෙන් කැපවුන පිරිස් මානසිකව වැට්ටවිමට ගත් උත්සහයන්ද අසාර්ථකවු කල සැබැව අවබෝද වු ලංකිය ජනයා ප්‍රභාකරන් යවපු දිහාවට තමාවත් යවයි යන බිය නිසාද?

7 comments:

  1. දේශද්‍රෝහියාMay 25, 2009

    දේශප්‍රේමීන් යැයි ඔබ හඳුන්වන කොටසේ නායකත්වය රනිල්ට දී ඔහුට පොදුවේ බැනීම හැර වෙන කිසිවක් ඔබ හා මිගාර දෙපළට කල නොහැක.

    ඔබ දෙපළට අනුව රටේ එකම දේශද්‍රොහියා රනිල්ය. මහින්ද මහා මහින්දය. රටේ මානව හිමිකම් තිතට අනුගමනය කෙරේ. කිරිබත් කා ප්‍රිති වීමට අනෙකුත් අය ඊර්ෂ්‍යා කරයි. ඒ නිසා දැන් ඇති යැයි කියන පුස් ප්‍රශ්නයක් ගැන ඔවුන් බ්ලොග් ලියති. ඒ ඔවුන් කලින් ත්‍රස්තවාදයට දුන් උදව් ප්‍රභාගේ සැටලයිට් දුරකථනයෙන් එළි වෙතැයි බියෙනි.

    අන්තිමේදී රටේ සියලු හමුදා සෙබළුන් හා මහින්ද ඇතුළු දේශප්‍රේමී පිරිස මෙම බ්ලොග් බලන නිසා මානසිකව වැටීමට පුළුවන.

    කොටින්ම මෙවෙලේ ආතල් කැඩීම වරදකි. රටේ ජනතාවට ප්‍රශ්නයක් ඇතැයි කීම වරදකි. කිරිබත් කාපුදෙන්. තිස් වසරක් දුක් වින්දානේ. ප්‍රභා මැරුණ නිසා තව දුක් විඳින්න නෑනේ.

    ඊළඟට .. ප්‍රභා යක්ෂයෙකි. ඌ නිසා තමයි අපිත් දුක් වින්දේ. ප්‍රභා කියන්නේ බහුතර දෙමළුන්ගේ බලය ලැබිච්ච නිකන් මනුස්සයෙක් නෙමෙයි. ඒ නිසා මේ හැම දෙයක්ම උගේ වැරැද්ද. ඌ මැරුණ නිසා ජොලි. ඌ මැරුණාට පස්සේ තවත් එකෙක් එන්න බය වෙයි.

    නිදහස් යැයි බ්ලොග් ලියන උන්ගෙන් නිදහස් වුනේ කුමන උපද්‍රවයෙන්ද ඇසුවොත් ප්‍රභා කියයි. නැත්තන් තිස් වසරක යුද්ධෙන් කියයි. නහයට වඩා දුරක් බැලීමට බැරි උන් වැනි බිළිඳු මානසික තත්වයන් හිමි අය හට ඇත්තටම මෙවෙලේ ආතල් කඩන එවුන් දේශද්‍රෝහීන්ය.

    අනෙක් අතට මදි නොකියන්න කඩේ ගියහොත් ඉදිරියේදී රජාගෙන් මදි නොකියන්න රත්තරං ලැබෙනු ඇත. එම නිසා බිය විය යුතු නැත. මේ අපේ කාලයයි. කොල්ලනේ.... කඩේ යමව්.

    ReplyDelete
  2. දේශදෝහීන්ට වෛරයෙනියැයි මා ලිව් ලිපියට දෙවැනි ලිපියක් ලිවිමට අදහස් කර සිටියදී (ඒ ගැන මාගේ සමීපතයන් කිහිප දෙනෙක් දනී) ඔබ ලිව් ලිපියට තුතිය. එලෙසම මාව රනිල් වැන්නකගේ ගොඩකට දැමීම ගැනත් ප්‍රණාමය. මගේ දේශප්‍රේමය ගැන මාසතුව තියා ගන්නම්යැයි කී වැකි පෙල ඔබ මතු කර තිබි බවක් මට පෙනෙයි. නමුත් එය මට ප්‍රතීයකි. අපහාසත්ම වෙනත් ලිපි මැද්දේ ඔබට පෙනෙන්නේ මාව විතරය, ඔස්ට්‍රේලියාවේ සිටිනා චන්ද්‍රකාගේ ඥාතියෙක් බව හදුන්වන කෙනෙකු කරනා අපහාසය ඔබට නොපෙනීම පුදුමයකි.
    ( බලන්න: http://www.youtube.com/watch?v=3JfhcFY_m1I ) මා හට මාගේ ලිපියේ අවශ්‍ය වුවේ ආතල් ගැනීම පමණක් සිදු කරමින් සිදු කරන්නාවු අය ඉලක්ක කිරීමයි, එහි පහළ තිබෙන දේ කියවන්නට ඔබට නොහැකි වීම හෝ නො පෙනීම කණගාටු වෙමි. දෙමල ජනයා හමුදා කදවුරු වල සිටිම නුසුදුසු බවක් මා කී තැනක් වේ නම් හෝ පෙන්වා දෙන්න. ඔවුන්ටත් සෙබලුන්ටත් කල යුතු සියල්ලම රජය හා හමුදා විසින් ඉටු කරන තුරු නොසිට තව තවත් ආධාර එකතු කරමින් මිනිසුන් තුල ඒ ගැන අවශ්‍යතාවය මතු කිරිම වැදගත් වෙතැයි මා සිතමි. ඒ මාගේ මතයයි. මට සේම ඔබටත් ප්‍රකාශණ නිදහසක් තිබෙන බැවින් අමනාප වීමට දෙයක් නැති නමුත් අඩුම තරමේ ජාත්‍යන්තරව ලංකාවේ නාමයන් නැසීමට සිදු වන දේ කරන්නාවු දේ ගැන ඔබේ ලොවම දකිනා ඇසට නොපෙනී සිංහලෙන් ලිව් බිලෝග් ලිපිවල කරුණු ගැන ලිවිමට පෙනීම ගැන මට කීමට දෙයක් නැත්තේය.

    පාරවල රුධිරෙන් නහවන ලද්දේ LTTE විසින් මිස රටේම මිනිසුන් නොවන නිසාත් තව දුරටත් ඔවුන් නැතැයි කියන නිසාත් ඒ ගැන කථා කිරිමක් ට වඩා තමා ආතල් ගත්තාට පසු තමාගෙන් ඉටු වීය යුතුකමක් නොවේද? ඔබ මේවා පිලි නොගන්නේ නම් කැමත්තක් කීවද කම් නැත. මා අදහස් කර සිටි ලෙසම ඇතැම් විට ඉදිරියට ලිපියක් ලියනු ඇත.

    රටට කල යුතු එකම යුතුකම ත්‍රස්තවාදයට විරුද්ධ වීම නොවේ. එය සිහියේ තබා ගැනීම මැනැවි.

    ReplyDelete
  3. එලම කිරි මචන්
    මම දන්න විදිහට ගොඩක් මිනිස්සු සතුටු උනෙ තමන්ට මෙතෙක් කල් තිබුන මරන බය ටිකක් හරි අඩු වුනු නිසා. ඒ වගේම ප්‍රබාකරන් ගැන වෙරයක් තිබ්බට මොනවත් කරන්න බැරුව හිටිය ගොඩක් දෙනෙකුත් සතුටු වෙන්න ඇති.ඔය පන්ඩිතයො මොනවා කීවත් සාමාන්ය මිනිහා හැසිරෙන්නෙ ඊට වඩා සරල විදිහට. දැන් අහන්න එපා වය් ර කිරීම හොද නෑ නේද කියලා

    ReplyDelete
  4. //දේශප්‍රේමීන් යැයි ඔබ හඳුන්වන කොටසේ නායකත්වය රනිල්ට දී ඔහුට පොදුවේ බැනීම හැර වෙන කිසිවක් ඔබ හා මිගාර දෙපළට කල නොහැක.

    මා කොතැන්කවත් රනිල්ට බැණ නැත. මගේ ප්රහාරයට ලක් වන්නේ මේ සුලුතර "දේශප්රේමි" කොටසේ අදහස් මිස රනිල් වැනි දේශප්)ලන චරිත නොවේ. මා රනිල්ව විවෙචනය කරන්නේ ඔහුගෙ චක් ගොලයකු වන අජිත් පෙරේරා ගේ බ්ලොග් අඩවියේදී පමණි.

    අනික් දෙවල් නිකම්ම කියන ලද වචන ගොඩක් විතරය. එහි ගත යුතු හරයක් නැත. එනිසා ඒ ගැන කත නොකර ඉමි.

    අනර්ඝ අදහස ගැන සසිකට තුති

    ReplyDelete
  5. @දේශද්‍රෝහියා
    රනිල්ට පමනක් පොදුවේ බැනිමේ කිසිදු පෞද්ගලික තරහක් මාහට නොමැති අතර පොදුවේ විපක්ශ නායකයෙකුගෙන් වන කාර්ය බාරය වෙනුවට පැහැදිලිව රට බේදිමේ නිෂ්පල උත්සහයක ප්‍රභාගේ අවසන් මොහොතේ පවා යෙදි සිටිමත්,මෙවැනි වසර 30ක් තිස්සේ අප රටේ ප්‍රධෘනම ගැටළුවක අවසානයේදි පවා ඔහු ක්‍රියා කලේ කොතරම් නියාළු ප්‍රතිපත්තියකද?
    එසේම මහා මහින්දට කඩේ ගොස් මා හට ලබා ගැනිමට ලබ්බක් නොමැති නමුත් ඔබ රනිල්ට කොතරම් හොදින් කඩේ යනවාද යන්නනම් මැනවින් වැටහේ.

    ReplyDelete
  6. @-බිன்ku-
    මල්ලි මෙකට තමයි කියන්නේ හොරාට ඉස්සෙල්ලා කැන වැට පැන්නා කියලා.මම මේ ලිපිය තුල ඔබ ගැන කිසිදු සටහනක් කර නොමැති අතර ඔබ මෙය ඔබේ ගොඩට බලෙන් දා ගැනිමේ වගකිම මා නොදරයි.
    එසේම අවතැන්වු ‍දමිල ජනයාට දැනටමත් දකුනෙන් දෙන සහයෝගය ඔබ නොදන්නවා විය යුතු අතර සතුටුවිය යුතු මොහොතේ එකා මෙන් සතුටු විමටත් දුක්විය යුතු අවස්ථාවල එම දුක එකට බෙදාගැනිමටත් ලාංකික අපි හොදින් පුරැදුවි සිටින අතර අපහා එක්ව මේ පොදු සතුට විදිමට ඔබට නොහැකිවිම කනගාටුවකට කරැනක් වනුයේ ඔබත් ලාංකිකයෙකු නිසාය.
    එසේම පඩයක් ගියත් ජෝගිනටන ලොවක් තුල මෙවැනි විපාකයක් අවසානයේ කිරිබත් කැබැල්ලක් බේදාගෙන කැම ඉවසිමට බැරිවි ඇත්තේ එවන් සතුටක් ඔබ සිත තුල නොමැති නිසාද?

    ReplyDelete
  7. @ sana
    උපන්දා සිට දැන් පුපුරයි..දැන් පුපුරයි..සිතමින් මහමග ගිය අපට නම් මෙය සැබැම සතුටකි.මෙවැනි හිසරදයක් අවසානයේ අප එකිනෙකා සතුටින් කිරිබත් කැල්ලක් කැම බොහොදෙනාට දරාගත නොහැක්කේ ප්‍රභා බේරැනානම් සව්දිය පිරිමට සිටි වයින් විදුරැව ගැන සිතා දැයි මා හට හැගේ.
    එසේම ඔබ සදහන් කරන අයුරින් සාමාන්‍ය ජනතාවට අවශ්‍ය නිදහසේ සතුටින් ජිවත් විමටය.නැතුව පලන බලය ලබාගැනිමට ආන්ඩු පෙරලිමේ අරමුනක් මොවුන්ට නැත.ඒ නිසා මානව හිමිකම්,මාධ්‍ය නිදහස මොවුන්ට අත්‍ය අවශ්‍ය නැත.එසේම මෙම නිදහස් රටතුල කඩ වෙනවා යැයි කැගැසුවන් බොහොමයක් සිටියේ කොයි ගොඩේද යන්න තව නොබෝ දනකින්ම එලියට එවි.

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න