May 6, 2009

විපක්ෂයේ ගොන් පාට්.

ලංකිය දේශපාලන ‍කරලියේ වර්තමාන විපක්ෂය මොංගල් චරිතයක් මනාව රග දක්වමින් සිටි.දැන් දැන් ඔවුන් විසින් කරනු ලබන ප්‍රකාශයන් සහ වැඩසටහන් තුලින් මෙය මනාව අවබෝධ වෙයි.අතිතයේ ශක්ති සම්පන්න ප්‍රබල දේශපාලන බලවේගයක් වු එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකයා ප්‍රමුඛ අනුගාමිකයින් සියළු දෙනාම මෙම රංගනය ඉතාමත් හොදින් රගදක්වයි.ලංකිය ඉතිහාසයේ ප්‍රබල චරිත බිහිකල එක්සත් ජාතික පක්ෂය තුලින් වර්තමානය වන විට විහිළුකාරයන්ගේ චරිත පමනක් එලි දකින්නේ කාගේ වාසනාවකටද? කාගේ අවාසනාවකටද? යන්න පැහැදිලි නොවුවත් මෙම රංගනයන් තුලින් ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක් බලාපොරෝත්තු වන සාමාන්‍ය ජනතාවට නම් දේවියන්ගේම පිහිට පමනක් හිමිවන බව බලය හිමි පිරිස හෙවත් ප්‍රධාන නළුවාගේ රංගනයෙන් නම් හොදින් අවබෝදවේ.
රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමට නම් ප්‍රබල විපක්ෂයක් සිටිය යුතු අතර ඔවුන්ට ඒ සදහා විශාල වගකිමක් සහ කාර්ය භාරයක් සිදුකිරිමට ඇත.නමුත් වර්තමානයේ විපක්ෂය තුල තම වගකිම් පැහැර හැර දේශපාලන බලය පමනක් ලබා ගැනිම සදහා ඕනැම නින්දිත පහත් ක්‍රියාවක නියලිමේ හැකියාවක් පවති.මේ සදහා හේතුවු ප්‍රධාන කාරනය නම් නිසි නායකත්වයක් මොවුන්ට නොලැබිමයි.දිගින් දිගටම ‍මැතිවරයන්හි පරාජය ලබමින් එම පරාජයන් වසාගැනිම සදහා විවිධවු හේතු දක්වමින් තම පරාජයන් වසා ගැනිමට උත්සහ කරන රනිල්ට සහ රනිල් සිටින තුරැ මෙම පක්ෂයට කවදාවත් නැගිටිමක් නැත.මෙම තත්වය තවදුරටත් පැවතිය හොත් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුල දැකය නොහැකි තත්වයකට පත්වනවා නම් නොඅනුමානය.නිසි නායකත්වයක් නිසි අරමුනක්,නිසි ප්‍රතිපත්තියක්,නිසි වැඩ පිලිවෙලක් නොමැති මෙම පක්ෂය පිලිබදව මනා අවබෝදයක් නම් වර්තමානයේ ජනතාවට නම් ඇත.
තම පක්ෂයේ මතය කුමක් දැයි මෙහි ප්‍රබලයන් නොදනි.ඔවුනුත් නායකයා මෙන්ම ඔහේ කටට එන දේ එලියට ඇද දමා පසුව කිවේ කුමක් දැයි සොයයි.මේ වන විට පක්ෂය තුල පැන නැගි ඇති අළුත්ම ගැටළුව වන්නේ බර අවි භාවිතය පිලිබදව තවත් නන් දොඩවන්නෙකුවු පමනක් වු රංග බණ්ඩාරයන් කල ප්‍රකාශයයි.මෙම ප්‍රකාශය එම පක්ෂයේ වර්තමානයේ මහත් විවාදයට ලක්වි ඇති අතර තවත් ප්‍රබල රැගුමක් රගදක්වන දොස්තර ජයලත් ජයවර්ධන මෙම ප්‍රකාශය ප්‍රසිද්ධියේම විවේඡනය කරමින් තව තවත් මෙම විහිළුව ජනතාව තුලට ගෙන යමින් සිටි.සැබවින්ම විපක්ෂයේ යුද්ධය සම්බන්දව මෙතෙක් තිබු හෝ දැන් පවතින ප්‍රතිපත්තිය කුමක් දැයි ජයවර්ධන තියා රනිල්වත් නොදන්නා බව නම් නිසැකය.නමුත් රංග බණ්ඩාරගේ ප්‍රකාශය පක්ෂයේ මතය නොවන බව නම් ජයවර්ධනයන් කිවත් නොකිත් අපනම් දනි.‍මන්ද එවැනි මතයක් යුද්දය සම්බන්ධයෙන් නොව කිසිම කරැණක් සම්බන්ධව මෙම පක්ෂයට නොමැති බැවිනි.රංග බණ්ඩාර පක්ෂයට අහිමිවි යන ජනප්‍රිය බව රැක ගැනිම සදහා වර්තමාන සමාජයේ වඩා රසවත්ම මාතෘකාව වු යුද්ධය අරමුණු කරගෙන එම ප්‍රකාශය කලද තමන් කිව්වේ කුමක් දැයි එය කිවු පසුත් ඔහු නොදන්නා බව නම් නිසැකය.නැති නම් මෙවැනි ප්‍රකාශයක් ඔහු කවදාවත්ම නොකරන්නේය.
හදිස්සියේ දේශප්‍රේමි වි බර අවි මතක් වුවද මෙතෙක් කල් හදිසි නිතිය පාර්ලිමේන්තුව තුල සම්මත කිරිමේදි මෙම පක්ෂය දැරැ නියාලු ප්‍රතිපත්තිය තුළින් මොවුන්ගේ දේශප්‍රේමිත්වය හොදින්ම අවබෝද වේ.හදිති නිතියට මොවුන්ගේ කැමැත්තක් තිබුනේ නැත.නමුත් අකමැත්තක්ද නොතිබුනි.මේ සදහා ඔවුන් ගත් ක්‍රියාමාර්ගය වුයේ ඒ අවස්ථාවේ මෙම ප්‍රශ්ණයෙන් පැන යැමයි.මෙවැනි පැන යන ප්‍රතිපත්ති වලින් පමනක් පිරි විපක්ෂයේ අනාගතය කුමක් සිදුවේ දැයි දන්නේ දෙවියන්ම පමණය.දැන් දැන් මෙම පක්ෂය තුල නැවතත් නියෝජ්‍ය නායක තනතුර සදහා ප්‍රබල ගැටුමක් අරම්භ වී තිබේ.ඒ වජිර අබේවර්දනයන් සහ සජිත් ප්‍රේමදාසයන් අතරය.මෙම අරගලයද කිසිදින නිමානොවන තත්වයකට පත්ව ඇත්තේ නායන රනිල් රග දක්වන භුම්කාව නිසාය.මොහු දෙපැත්තට වැනෙමින් මෙම ගැටළු විසදිමට ක්‍රියා නොකරන්නේ තමන් පිලිබදව පක්ෂයේ සාමාජිකයන් තුල ඇති කල කිරිම මෙම ගැටළු නිසා මදකටයටපත් වන බැවින් විය යුතුය.

මේ අයුරින් කිසිදු අරමුණක්,මතයක්,දැක්මක්,ප්‍රතිපත්තියක් නොමැති විපක්ෂය තුල මෙම ගැටළු විසදිමට කිසිදු උත්සහයක් නොමැති බව තවමත් හොදින්ම පෙනියයි.එසේ විමට ඇති ප්‍රධාන හේතුව වි ඇත්තේ මොවුන් තම ඇහේ ඇති පොල් පරාලය නොදැක අනුන්ගේ ඇස්වල ඇති පොල් කෙන්ද පෙන්විමට යැමයි.සැම දිනම නින්දට යන විට පසුදා උදයම නැගිට ආණ්ඩුව පෙරලන හිනයක් ගැන සිතමින් නින්දට යන මොවුන් උදැසන නැගිට තමා අණ්ඩුව පෙරාලා නොමැති බවත් තමා සයනයෙන් වැටි ඇති බවත් අවබෝධවෙයි.නමුත් නැවත නැගිට මෙම සිහිනයේම සිටින මොවුන් තමන් කුමක් කරන්නේද?කුමක් කලයුතු දැයි නිසි අවබෝධයකින් තොරව නිදිමතින්ම කටයුතු කරන බව මෙම විපක්ෂයේ වර්තමාන ක්‍රියාවන් තුලින් මනාව වැටහේ.

1 comment:

  1. මම නම් හිතන්නේ ඔය පක්ෂය ඔය නගන්නේ මරහඩ දැන් ලංකාවට
    විපක්ෂයක් නොමැත ඇත්තේ නාමික විපක්ෂය පමනි

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න