May 7, 2009

ඉරි පනිමින් දේශප්‍රේමි විම.

දැන් දැන් දේශප්‍රේමි විමට පෙලබෙන පිරිස වැඩිවි තිබේ.එක්සත් ජාතික පක්ෂය,ජතතා විමුක්ති පෙරමුණ ලහි ලහියේ මේ සදහා පෙල ගැසෙමින් සිටි.ඔවුන්ට හදිස්සියේ ඇතිවු මෙම ක්ෂණික පෙරළිය ලෙහෙසියෙන් ලබාගත නොහැකි බව වැටහෙන්නේ එසේ කිරිමට ගිය සියළුදෙනා දේශප්‍රේමිවිම කෙසේ වෙතත් ඒ තුලින් ඔවුන් නා ගත් නිසාය.එය නිකන් නා ගැනිමක් නොව ඇදගෙන නා ගැනිමක් වු නිසාය.මෙයට කදිමම නිදසුන රංග බණ්ඩාරයන්ය.එම නිසා නා නොගෙන හදිස්සියේ කාහට වුවද ‍ දේශප්‍රේමිවිමට අවශ්‍ය නම් එ සදහා මේ පිලිබදව නම් දැරැ උපදේශකයෙක් සිටි.ඔහු නමින් Beyondframe ය.
මොහුගේ විදියට නම් දේශප්‍රේමිවිමට රේඛාවක් පැනිය යුතු අතර එසේ නොපැන දේශප්‍රේමි විය නොහැක.එසේ පයින විටද පැනිය යුත්තේ නිවැරදි පැත්තටය.නැතිනම් හොම්බ බිම ඇනේනවා ෂුවර්ය.මොහුගේ විදියට විපක්ෂයට හොදින් දේශප්‍රේමි විය නොහැක්කේ රේඛාවේ වැරදි පැත්තේ සිටිමය.එසේම මොහු පවසන විදියට හොදින් දේශප්‍රේමිවිම යනු ආන්ඩුවේ රෙදි හොදින් සේදිමය.නැතුව මෙය තම උපන් දේශය පිලිබදව ඇතිවු ආලය නොවේය.
මෙපමන දේශප්‍රේමිවිම පිලිබදව හොද අවබෝධයකින් යුතු ‍මොහු මේ ඉර නොපැන දේශද්‍රෝහිවි ඇත්තේ ඇයි දැයි යන්න ඔහු සදහන් කරන්නේ මේ අයුරිනි.

"ඇත්තටම Beyondframeටත් වුවමනා නම්, ලජ්ජාවක් නැතිනම්, මේ නැවට ගොඩවිය හැකි ය. කළයුත්තේ දැන් ඉන්න දේශපේ‍්‍රමීන්ට ද වඩා දේශපේ‍්‍රමී වීම ය. බඩු ෂුවර් ය. පට්ටමක් තනාන්තරයක් අඩුවශයෙන් ජනාධිපති උපදේශක කමක් නම් වරදින්නට හේතුවක් නැත.
අවශ්‍ය නම් සසික නානායක්කාරලා දේශපේත‍්‍රමිත්වයේ දෙකේ කොළේට පහත දමා අයින් කර දැමීමට හැකිය. අවශ්‍ය ඉර පැනීම ය. එතකොට මේ ලියූ සටහන් ද දළදා මාළිගාවට ගැසූ ප‍්‍රහාරය මෙන්ම අමතක කර දැමිය හැකි ය.
ඉර පැනීමෙන් මුලූ ඉතිහාසයම එකවර අමතක කර Beyondframe ට අයත් කර ගත හැකි මේ බලය ගැන සංවේදී නොවුනොත් සසික නානායක්කාරලාගේ අනාගතය හොඳ වෙන එකක් නැත."

සැබවින්ම මෙහුට ඇති ගැටළුව දේශප්‍රේමි විමට ඇති ලැජ්ජාවද?නැතිනම් මොහු දේශප්‍රේමි උවහොත් හිමිවනවා යැයි කියන උපදේශක තනතුරට ඇති බියද?නැතිනම් මා දෙකේ කොලේට වැට්ට විමට ඇති නොකැමැත්තද?නැතිනම් මාගේ අනාගතය නරක් වනවා දැකිමට ඇති නොකැමැත්තද?නැතිනම් මේ කිසිවක් නොව දැනට ආණ්ඩුවට බනිමින් විපක්ෂයේ හෙළුව වසා දැමිමට මොහු විසින් විපක්ෂයෙන් ලබාගෙන ඇති කොන්ත්‍රත්තුව අවසන් වේ යැයි ඇති බියද?යන්න මාහට ඇති ගැටළුවවේ.

9 comments:

  1. Check following Links:
    http://bandaragama.wordpress.com/2009/02/08/beyond-frame-the-most-popular-sinhala-blogger-receives-death-threats/

    http://bandaragama.wordpress.com/

    ReplyDelete
  2. @ darshani
    බොහොම ස්තුතියි ඔබ ලබාදුන් ලින්ක් එකට.සැබවිනම මම මෙම ලිපිය ලියන අවස්ථාවේ මොහු එක්සත් ජාතික පක්ෂයේ ගැත්තෙකු බව උපකල්පනය කලද දැන් එය නිවැරදි බව මනාව පැහැදිලිය.

    ReplyDelete
  3. http://bandaragama.wordpress.com/
    මෙවට තමයි කියන්නේ හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලියේ කියලා.දැන්නේ තේරෙන්නේ මු කාටද කඩේ යන්නේ කියලා.

    ReplyDelete
  4. මෙ Beyondframeකියන එකාට පිබන්කර්ට(පිචන්බන්)වගේම කෙලවි ඇත අනාගතයක් නොමැත දෙශපාලනමය වශයෙන් වදබාවයට පත්වි ඇති එජාපයට කඩෙ යමින් සිටිනවා ඇරෙන්න දැන් කොට්ගැන කතා කිරිමටද කරුණු නැත

    අනික දැන්නේ මොහු කවුද කියලා එලිවෙන්නේ

    ReplyDelete
  5. AnonymousMay 08, 2009

    etakota ohege mahindayage sandane hariy suddawatthaiy.baba wage waradiy na.eda ngo kiyala dakka ohela dan unpwa allanagena.jvp ekat oheta pennena.pw aney.

    ReplyDelete
  6. සසික BFට බැන බැන backlinks හතරකින්ම උදව් කරලා තියෙන්නෙ. :D

    ReplyDelete
  7. @ශාකුන්තල
    මම මේ බ්ලොග් ලිවිමට සහ ඉන්ටනේට් භාවිතයට නවයකයෙක්මි.කරැනාකර මෙම backlinks මොනවාද යන්න පැහැදිලි කරදෙන්න.ඔබ සදහන් කරන්නේ මම මෙම සටහනෙන් ලබා දුන් ලින්ක් නම් කරැණාකර එහි වැරැද්ද පහදා දෙන්න මම එය නැවත නොකිරිමට වගබලා ගන්නම්.
    එසේම ඔබගේ සහයෝගය මම ඉදිරියටත් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  8. Check your email inbox. Sorry for writing in English, currently I'm having some problems with my computer.

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න