June 2, 2009

අනතුරක්

මේක නම් හිත සසල කරන සිදුවිමක්.පොඩ්ඩක් බලන්නකො.





මේක අපි කාටත් හොද පාඩමක්.සමහර වෙලාවට සමහර වැඩ කරන්න ගිහාම අපි දන්නැහැ අපි කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියලා.ඉතින් හරි අවබෝධයකින් තොරව වැඩ කරන්න ගිහාම තමයි මේ වගේ අනතුරැ බහුලව සිදුවන්නේ.විඩියෝ එකේ හැටියට මේක ලංකාවේ සිදුවු දෙයක් නොවුවත් ලංකාවෙත් මෙවැනි විදුලි අනතුරැ අනන්තවත් සිදුවෙනවා.ඒ නිසා කට්ටියටම කියන්නේ අපි ඉන්නේ කොහෙද කරන්නේ මොකක්ද කියලා හරි අවබෝධයකින් වැඩ කරනවා නම් මේ අනතුරැ වලක්වා ගන්න පුළුවන්.

17 comments:

  1. අපෝයි... අන්තිමට මිනිහව ගිනිගන්නවද මන්ද..

    ReplyDelete
  2. @ Thilina
    ගිනි ගන්නවා විතරක් නොවේ සම්පුර්ණයෙන්ම අළුවෙන්න ඇති.අධි වොල්ටියතාවයක් නම් මම අහලා තියෙන විදියට අළුවෙනවලු.

    ReplyDelete
  3. AnonymousJune 02, 2009

    වැඩක් කරණකොට මනා සිහිය තියෙන්න ඔනි කියන්නේ මෙන්න ටම නිසා තමයි මටනම් හිතෙන්නේ මිනිහා සියදිවි නසාගත්තා තියලා

    ReplyDelete
  4. @ දිසා
    ඇත්තමයි සමහර විට එහෙම වෙන්නැති.‍ඔයා කිව්වාම තමයි ඒක හිතුනේ.නැත්තම් මේ කොච්චි පෙට්ටි උඩ මොන වැඩද?
    ඉන්දියාව වගේ රටවල්වල සෙනග වැඩි නිසා කොච්චියේ උඩත් යනවනේ ඒවගේ වැඩකට ගිහින් කියලා මට හිතුනේ.ඔබ කයුදෙය බොහොදුරට වෙන්න පුළුවන්.මොකද අර භෘගයක් දුරට නගින කෙනා උඩ ඉන්න මනිහගේ අත අල්ල ගන්න හදනවා.

    ReplyDelete
  5. AnonymousJune 02, 2009

    ඔව් මටනම් පෙනුනේ මිනිහා අත උස්සලා කම්බිය ඇල්ලුව වගේ

    ReplyDelete
  6. මේක සියදිවි නසාගැනීමක් වෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා. පහළ ඉන්න අය අපේ වීරයා එක්ක මොකක්දෝ එකඟතාවකට එන්න ලොකු උත්සාහයක් ගන්න බව පෙනුණා.

    ReplyDelete
  7. @ ශාකුන්තල
    ඔව් දිසා කිව්වට පස්සේ තමයි මටත් හරියට තේරැනේ.

    ReplyDelete
  8. සියදිවි නසාගැනීමක් කියලයි මටත් හිතෙන්නේ..

    ReplyDelete
  9. පිස්සු හැදෙන සඳ...........

    ReplyDelete
  10. AnonymousJune 03, 2009

    මිනිහට කම්බිය ඇල්ලෙන්නේ හිතීමෙන් නෙවෙයි වගේ.. මේක ශෝචනීය සිදුවීමක්... :(

    ReplyDelete
  11. අමිමට සිරි වෙලා තියෙන්නෙ

    ReplyDelete
  12. AnonymousJune 04, 2009

    me ka hithamatha karagatthu gon kamak watapitawe hitiyeth mara gonnu tikak paw pissa

    ReplyDelete
  13. හොඳට බලන්න. මේ වීඩියෝ එක දිග වැඩි නිසා සංස්කරණය කළ එකක්.
    මුලින්ම වටේ ඉන්න අය අපේ වීරයාට පහළට එන්න කියා කතා කරනවා. නමුත් ඒ අය දුම්රිය උඩට නැගල වීරයාව බේරාගන්න උත්සාහ කරන්නෙ නැහැ. ඒ හදිසියෙවත් ඔහු high tension කේබලය පැත්තට අත දැම්මොත් බේරාගන්න යන පුද්ගලයාටත් මැරෙන්න සිද්ධ වෙන නිසා.
    වීඩියෝ එකේ දෙවෙනි කොටසේ පේන්නේ අනෙක් අය කියන දේ කණකට නොගත් වීරයා බොහොම සැහැල්ලුවෙන් යුතුව කේබලය අල්ලනවා.

    මේක සියදිවි නසා ගැනීමක්.
    (මම හින්දි නං දන්නෙ නෑ. ඒත් වටේ ඉන්න මිනිස්සු කෑ ගහල අහන්නෙ 'උඹට පිස්සුද?' කියන එක නේද?)

    ReplyDelete
  14. ශාකුන්තල අයියා කියන්න ඇත්ත තමා, මේක අමුවේ සිය දිවි නසා ගැනීමක්. කතා කරන්නේ හින්දියෙන් නෙමේ වගේ උර්දු වගේ.

    මචෝ සසික, මේ වගේ එව්වා දාන්නේ පරිස්සමෙන්. සංවේදි අයට මේවා වගේ එව්වා දැකිම මානසික ව්‍යාකුලතාවයට හේතු වෙනවා.

    අනික, සියදිවි නසා ගන්න බහුලවම පිටරටවල වෙන ක්‍රමයක් මේක.

    ReplyDelete
  15. මිනිහ මුදල් සොයන්නේ , ඔය ක්‍රමයෙන් වගේ මට හිතෙන විදියට

    ReplyDelete
  16. @ බුද්ධික කසුන්
    නැහැ මචං එහෙම වෙන්න විදියක් නැහැ..මොකද මේ ක්‍රමෙන් මුදල් හොයන්න පුළුවන් එක පාරයිනේ...

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න