October 28, 2009

කුප්පිවලට මොකද වෙන්නේ අනේ හැබැටම..???



මැත කාලය තුල රජයේ රෝහල් තුලින් දිගින් දිගටම ඔවුන් ලබාදෙන  ඖෂධ ගුණාත්මක බවින් තොරවිම් පිලිබද පැමිණිලි දක්නට ලැබුනු නිසා ඒ පිලිබදව මටත් යමක් පැවසිමටත් දැනගැනිමටත් මෙම සටහන ලියන්න හිතුනා.
ඔබට මතක ඇති රුබෙල්ලා එන්නත ආසාත්මික විමෙන දැරියන් දෙදෙනෙකු මිය යැමත්,තවත් එන්නත් කුප්පි‍ දෙකක  තිබි විදුරු කැබලි හමුවිම සහ එවැනිම එන්නත් කුප්පියක් තිබි ගුල්ලකු හමු විමත්.
දැන් ලැබි ඇති අළුත්ම තොරතුර වනුයේ ප්‍රබල අසාත්මික රෝග ලක්ෂණ ඇතිවීම පාලනය කිරීම සදහා ලබාදෙන ට්‍රොමැක්ට්‍රිසීන් ලෙස හදුන්වන  එන්නත තුල සියුම් විදුරැ කැබලි හමුවු බව සහ මෙම එන්නත නිර්වින්දන කටයුතුවලදී ඇතිවන අසාත්මිකතා පාලනය කිරීම සදහා ද ලබා දෙන ඖෂධයක් බවයි.එසේම අද දින සේලයින් බෝතලයක තිබි කෙස් ගසක්ද හමුවි තිබේනවා.මෙසේ මැත කාලිනව මේ අයුරින් දිගින් දිගටම මෙවැනි දේ හමුවන්නේ කවර හේතුවක් නිසාදැයි උපකල්පනය කලහැකි අංශ කිහිපයක් තිබෙනවා.එනම් මේ ඖෂධ කිසිදු ප්‍රමිතියකින් තොර එවා බවය.එසේම අපගේ වෛද්‍යවරු මේ පිලිබදව වඩත් සැලකිලිමත් වන බවය,එසේත් නැත්නම් මෙය කිසියම් කණ්ඩායමකගේ කඩාකප්පල්කාරි ක්‍රියාවක් බවය.
කෙසේ වෙත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේන් මේ පිලිබදව ගන්නා තිරණ ගැන අපටද සැහිමකට පත්විමට නොහැකි අතර ඔවුන‍් මෙම ඹෟෂධ පිලිබද වඩාත් විශ්වාසයෙන් කියවයි.ඒ කෙසේ වෙත්ත මෙවැනි කෙටි කාලයක් තුල මෙවැනි ප්‍රමිතියෙන් තොර ඖෂධ රාශියක් ලැබිම වඩාත් කුතුහලය දන්වන්නක් නොවන්නේද?මොකද සෞඛය ඇමතිට ලැබෙන කුට්ටිය නිසා මෙසේ පවසනවා නම් මොහු දැනට සෞඛ්‍ය ඇමතිවි වසර දහයක් පමණ වන්නේය.එබැවින් මෙවැනි දේ මින් පෙර සොයා ගැනිමට නොහැකි වුයේ මන්ද යන්නය.
එසේම අප වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ පිලිබද දැඩි කනස්සල්ලෙන් සහ කොපයෙන් අපව දැනුවත් කරමින් මේ මහජන මුදල් බවත් ඒවා භාවිතයෙන් ඉවත් කිරිමෙන් මේ ගැටළුවට විසදුමක් නොලබෙන බවත් මේ විනාශ කරන්නනේ අම්මා අප්පාගේ බුදලයක් නොව මහජනතාවගේ මුදල් බවත් දැඩි කනස්සල්ලෙන් පවසයි.ඇත්තටම අපගේ දේපල මෙසේ විනාශ කිරමට ඉඩනොදි හඩක් නැගිම කොතරම් උතුම් කටයුත්තක්ද.අනේ මහතුනේ මේ කරන පිනම මතු ආත්මයක ඔබ සියළු දෙන නිවන් දැකිමටම හේතුවිය යුතුය.
එනමුත් මෙවුන්ට මෙවැනි දුකක් අප වන මහජනතාව ගැන ඇතිවි තිබෙන්නේ මේ ඖෂධ පිලිබදව පමනක් විම ඉතාම ශෝක ජනකය. මේ අයුරින්ම බදුගෙවන මහජනතාව ඇදන් උඩ පණ අදිද්දි තමන්ගේ ඉල්ලිම් ලැබෙන තුරු වැඩවර්ජනය කරනවිට ඔවුන්ට මේ ගැන පසක් නොවුයේ මන්දයි මට නොවැට හේ. ඒ අයුරින් ඔබගේ ඉල්ලිම් ලැබෙන තුරු ඇදන් උඩ පන ඇද්දේත් අපිමය.නැතුව සෞඛ්‍ය ඇමතිවත් රජයවත් නොවන්නේය.හැකිනම් මෙසේ අප ගැන දෙආකාරයකට දුක්විමට ලබාගත් එන්නත කුමක්දැයි චෛද්‍ය නිලධාරි සංගමයේ මහතෙකුගෙන් අසාම දැන ගැනිම නොවටින්නේ  මන්ද?



3 comments:

  1. මේ මේ සෞඛය සේවයට දොස් කියන්න එපා හරිද?

    http://a.gd/fcf64a / http://a.gd/dbc015

    ReplyDelete
  2. Criticising medical doctors is one of the thrillest hobbies in our country... and
    directly or indirectly this happens with
    the well wish of health minister. So what
    is the end result?? This is it.. Now the
    minister & authorities are playing mad &
    no one claims for the lost lives... but
    still very keen to remind and make fun out
    of a doctor strike.. which has not happened
    for last 2 years. We Sri lankans are this
    much stupid.

    ReplyDelete
  3. @ -බිன்ku-
    මලයෝ මමමේ බැන්නා නෙවෙයි මෙහෙම වෙන්නේ කොහොමද කියලා ඇහුවා විතරයි.

    @ Dan
    ඔබගේ මතය පිලිගත හැක.පැන නැගි ඇති මෙම ගැටළු සදහා බළධාරින් ගන්නා ක්‍රියාමර්ගයන් පිලිබදව කිසිසෙත් සැහිමකට පත්විමට නොහැකිබව සැබැය.
    එසේම මෙම වසර දෙක තුල වෛද්‍යවරුන් එවැනි ක්‍රියාමාර්ගයකට නොගියද අනාගතයේදි රෝගින් ඇපයට තබා තම ඉල්ලිම් දිනාගැනිමේ ක්‍රියාමාර්ගයකට නොයායැයි අතිතය තුලින් අපට දැකිය හැකිද?

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න