උසස් අධ්යපනය ලැබිමට ලංකාව තුල හැකියාව පවතින්නේ ඉතාමත් සිමිත පිරිසකට පමනි.එබැවින් ලංකිය සමාජය තුල සරසවි වරම් ලද ඕනැම අයෙකුට නියතින්ම අන් පුද්ගලයින්ට වඩා වැඩි පිලිගැනිමක් සහ සැළකිමක් ලැබේ.නමුත් වර්ථමාන සරසවි තුල සිදුවන සිදුවිම් දකින විට සැබවින්ම මේ හොද අධ්යපනයක් ලබන සමාජයේ අනිත් සාමාන්ය පුද්ගලයින්ට වඩා වැඩි අවබෝදයක් සහ දැනිමක් ඇති පිරිසද නැතිනම් වෙනම පරිසරයක තම හිතුමතේට දිවි ගෙවන තිරිසනුන් පිරිසක් ද යන්න පිලිබදව දැඩි ගැටළුවකට ඕනැම පුද්ගලයෙක් මුහුණ දෙයි.මේ පිලිබදව ගැටළුවක් ඇති විමට ආසන්නම හේතුව වන්නේ ඊයේ දිනයේ ප්රදේශවාසින් සහ කැළණිය සරසවි සිසුන් අතර ඇතිවු ගැටුමයි.
මෙම දර්ශනය මොහොතකට බලන්න.
මෙම ගැටුම ඇතිවිමට හේතුන් ලෙස විවිධ පිරිස් විවිධ මත දරයි.ඒ අතර සරසවි සිසුන් පවසන්නේ මෙම ක්රියාව මර්වින් සිල්වාගේ මැරපිරිසගේ ක්රියාවක් බවයි.එසේම ප්රදේශවාසින් පවසන්නේ ඊට පෙර දින සරසවිය අසල වෙලද සැලක සරසවි සිසුවෙකු කාන්තාවකට හිරිහැර කිරිමට එරෙහි වු වෙළදසැල් හිමියාට සහ එම වෙලදසැලට එදින රාත්රි පිරිසක් විසින් පහර දිම මෙම ගැටුමට හේතුව බවයි.
මෙම ගැටුමට හේතුව කුමක් වුවත් වර්ථමාන සරසවි තුල සරසවියකින් බලාපොරොත්තු වන කාර්ය්යන් සිදුවනවාද යන්න අපහට ඇති ප්රධානම ගැටළුවයි.