April 27, 2009

කවුද? මෙච්චර අපිව ගොනාට අන්දවන ගොනා.(මේ අඩහැරයෙන්)

අප රටතුල හො ලොවතුල සිදුවන සිදුවිම් පිලිබදව අවබෝධයක් ලබන්නේ මාධ්‍ය තුලිනි.එවා විදුත් සහ මෘද්‍රිත යන දෙයාකාරයකින් නිකුත්වේ.එකම පුවතක් මධ්‍යන් දෙකක දෙ ආකාරයකින් දැකිය හැකිමුත් මෙම පුවත මාධ්‍යන් දෙකක් තුල දක්නට ලැබුනේ හාත්පසම වෙනස් ආකාරයෙනි.මෙහි සැබැ පුවත කුමක්ද?යන්න මා තුල ඇතිවු බලවත් කුතුහලයම මෙම සටහන ලියන්නට හේතු කාරණා විය.

පුවත මේසේය.

පසුගිය දිනක ජාතික රැපවාහිණි නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයකදි මනෝගනේෂන් මන්ත්‍රීවරයා කොටි ත්‍රස්තයන්ගේ මහවිරැ සමරැවකට එක්වෙමින් දෙමල ජනතාවට වෙනම රටක අවශතාවය දක්වමින් කල කථාවක කොටසක් පෙන්වන ලදි.
ජාතික රෑපවාහිනයේ පෙන්වු අයුරැ
.




මෙම විදුත් මාධ්‍ය එසේ පෙන්වද්දි මෙම මස 26වන ඉරැ දින ප්‍රකාශයට පත්කළ රාවය පුවත් පතේ මුල් පිටුවේම විමල්ට බයේ රටින් යන්නේ නැහැ කියා තිබු සටහන වැඩිදුරටත් කියවද්දි එල්ටිටි සංවිධානයේ මහවිරැ දිනයකට තමා කිසිදු දිනක සහභාගි නොවු බව එම මනෝගනේෂන්ම ප්‍රකාශකර තිබේනු දක්නට ලැබුනි.

රාවය පුවත් පතේ පලකර තිබු ආකාරය.
මෙම ලිපිය දැකිමත් සමග මට ඇතිවුයේ ලංකාවේ මාධ්‍ය ගැන මහත් කළ කිරිමකි.එනම් කව්ද අපව මෙපමණම ගොනාට ඇන්දවිමට උත්සහ කරන්නේ යන්නයි.දෙකම රට තුල පිලිගත් මාධ්‍ය ආයතන දෙකකි.දෙකටම වගකිමකින් තොර පුවත් ජනතාවට ප්‍රකාශ කිරිමේ කිසිදු අයිතියක් නැත.
එක්කො මෙම
ජාතික රැපවාහිනිය දමිල ජනතාව වෙනුවෙන් පෙනි සිටින මානව හිතවාදියෙක් ද්‍රෝහියෙකු ලෙස පෙන්වමින් දෙමල සහ සිංහල ජනතාව තුල මෙම නියෝජිතයන් කෙරෙහි වෛරයක් ඇති කරමින් අපව ගොනාට ඇන්දවිමට උත්සහ කරයි.
නැතිනම් රාවය පුවත්පත වෙනම රටක් ලෙස ඊලම නම් ප්‍රභාකරන් නැමති මිලේච්ඡයා දුටු කිසිදා සැබැ නොවන දවල් සිහිනය සැබැවක් කිරිමට කැපවෙමින් ජනතාව ඉදිරියේ ඔවුන් වෙනුවෙන් කැපවෙනවා කියමින් මුව හම පොරවා ගත් කොටියෙකු සුරකිමේ උත්සහයක නියෙලෙයි.
මෙම අයගෙන් කවුරැන් හො අපිව ගොනාට අන්දවනවා යන්න දැන්නම් ඔබටත් වැටහෙනවා නේද? ගැටලුව මේ ඇන්දවිම කරන්නේ කවුද? කුමක් උදේසාද? යන්නයි.
එසේම ත්‍රස්තවාදි කණ්ඩායමකට කුමන හො ආකාරයකින් සහය දැක්විම දඩුවම් ලැබිය හැකි වරදක්ව තිබියදිත් පොලිසිය මොහුව අත් අඩංගුවට නොගන්නේ ඇයිද?යන්න මාහ‍ට මිලගට ඇතිවු ගැටළුව වන අතර මෙවැනි වගකිමකින් තොර අභුත චෝදනාවක් නැගු මාධ්‍ය ආයතනයට විරැද්ධව මනෝගනේෂන් ක්‍රියාමර්ග නොගන්නේ ඇයිද යන්න මාහට ඇතිවු අනෙක් ගැටළුවයි.
ජාතික රෑපවාහිනියද? ‍රාවය පුවත්පතද? ආන්ඩුවද? මනෝගනේෂන්ද?
කව්ද???කව්ද???
අපි මෙච්චර ගොනාට අන්දන්න හදන ගොනා.දැන්ම දැන ගැනිම කොකටත් හොදය.මොකද වැඩිකල් යන්නට පෙර අපිව කව්රැන් හො ගොනාට අන්දවනවාට සැකයක් නම් නැත.නැතිනම් අපි බලෙන්ම ඇදගනිවි.
Downlord free embroidery design today.


April 24, 2009

UN demands LTTE to lay down arms and free civilians immediately

Thursday, 23 April 2009 - 10:38 PM SL Time UN to send team to Sri Lankan `no-fire zone`


The United Nations Security Council has demanded LTTE terrorists to renounce violence, lay down arms and to stop using civilians as human shield immediately.


`The LTTE is a terrorist organization and should be condemned for its use of civilian as a human shield. The LTTE should immediately lay down arms and renounce its terror tactics`, said Ambassador Claude Heller, the President of the UN Security Council summing up the views expressed by the Members of the Security Council at an informal briefing on Wednesday (April 22).


Full Story


මට පෙන්නේ යුඑන් එකට සිංහල තේරෙන්නෑ.නැත්නම් එල්ටිටියට ඉංග්‍රීසි තේරෙන්නෑ.
එල්ටිටිය දන්නවද මානව හිමිකම් උල්ලංගනය කිරිම ගැන.උන් කියනවා ඇති අපි නම් සාමාන්‍ය ජනතාවට යුඑන් එක කියන දේ නම් කරන්නැ කියලා ඒ වගේම පලියක් විදියට තියාගන්නැ ඒ මින්ස්සුන්ගේ මැද්දේ විතරයි ඉන්නේ කියලා.කොහොම වුනත් මෙහෙම වුන එක නම් හොදයි.හැබැයි මේක කියන්න තිබුනේ මිට ගොඩක් ඉස්සර.
මොකද හිතන්නේ....?







ප්‍රභාකරන්ට භාරවිමට පැය 24ක් දුන්නේ පැනලා යන්න.

මේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් කල ප්‍රකාශයක් දිවයින දක්වා තිබු ආකාර යයි.

මුලතිව් ආරක්ෂක කලාපයේ සිරවි සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන්ට භාරවිම සදහා පැය 24 ක කාලයක් ලබාදුන්නේ ඔහුට පැන යෑමට දැයි ප්‍රශ්න කරන එක්සත් ජාතික පක්ෂයේ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ පිලිබදව රජය වහා රටට ප්‍රකාශයක් කළ යුතු බව පැවසීය.
ඉතිරිය කියවන්න.

මේ මනුස්සයා හැමදාම මොකක් හරි කටට එන ගොන් කථාවක් කියලා පක්ෂය නාවනවා.යකෝ මේච්චර ජාත්‍යන්තර බලපැම්,ලංකාවේ කොටින්ට කඩේ යන එවුන්ගේ බලපැම් මෙච්චර තියෙද්දි,එ නිසා මෙක නවත්තන් නැහැ කිය කිය මේ මිනිමරැවා අත ළග ඉදගෙන,කොටි අන්තිම තැන දක්වා ගෙනවිත් ප්‍රභාකරන්ට පැනයැමට දිමේ පිස්සුවක් රනිල්ට තිබුනත් මහින්දට නැතැයි මට නම් හැගේ.නිකන් බොරැ දේශප්‍රේමි බවක් මවා ගනිමින් මෙවැනි ගොන් ප්‍රකාශ කලාට ප්‍රභාට කඩේ ගියේ කව්දැයි අපට නම් තවම මතක ඇත.බස්නාහිරත් රනිල් නාගෙන ඉවරය එක 25 වැනිදා හවසට කාටත් වැටහෙයි.මට සැක රනිල් මෙච්චර නාගන්නේ මහින්ද ගානක් දිලවත්ද කියාය.









April 23, 2009

ප්‍රභාකරන්ට කඩේ යැම දැන්වත් නවත්තන්න.




ප්‍රභාකරන්ට කඩේ යන සිංහලයිනේ මේ මරණයන්ට ඔබත් වගකිව යුතුය.





මේ ඔබ දකින්නේ අප සොහොයුරන් යුධබිමේ මිය යන ආකාර යයි.සැමදා යුධ ජයග්‍රහණ පමනක් අත්විදිය හැකි යයි සිංහල බොහො දෙනා සිතුවත් සටනකදි එය එසේ නොවෙයි.යුද්ධයකදි ජය මෙන්ම පරාජයත් උරැමය. නමුත් සැම යුද්ධයකම අවසානයේ නම් අපට අනිවාර්යෙන්ම පරාජය හිමිවේ.ඒ ජය හො පරාජය ලබාගැනිමට අප කැපකල දේ නැවතත් අපට කිසි දිනක නොලැබෙන බැවිනි.
නමුත් අප මේ සටන් වදින්නේ ජාතියක් වෙනු වෙන් නොව තිරිසන් කන්ඩායමක් සමග වන බැවින් මෙම කැපවිමෙන් ලබා ගන්නා ජයග්‍රහණ වර්තමානයේ ජිවත් වන අපට හිමි නොවුවද අනාගත පරපුරට උරැමකර දිය හැකි වෙන බැවින් මේ පරිත්‍යගයන් මිලකළ නොහැක.
නමුත් මෙම විරැවන් යුධ බිමේ මිය ගිය විට තව මදි යයි සිතන පිරිසක්ද අප අතර සිටි.ඔවුන් එක දෙයක් හොදින් මතක තබා ගතයුතුය. එනම් ඔවුන්ට එසේ නිදහසේ සිතිමේ අවස්ථාව පවා උදාකරදි ඇත්තේ මේ දිවිපරදුවට තබා යුධබිමේ සටන් වදින සොහොයුරන් නිසා බවයි.නැතිනම් ප්‍රභාකරන් ඔවුන්ගේ හිසටද තුවක්කුව එල්ල කර හමාරය.
දැන් වත් මෙම තිරිසනාට තම පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා කඩේ නොයැමට සිතට ගත යුතු අතර මෙසේ දිවිපිදු සැම රණවිරැවෙකුගේ මරණයකටම ඔබත් වගකිව යුතුබව පමනක් හොදින් මතක තබා ගන්න.


April 22, 2009

රනිල් එකතු කළ රට මහින්ද කැඩුව හැටි......

මේ ඔබ දකින්නේ 2007 ජුනි මස 17 වැනි දා ඉරැදින පුවත් පතේ පලවු ලිපියකි.



ඇත්ත වශයෙන්ම සිදුවුයේ මෙයමද?නැතිනම් රනිල් බෙදලා දෙන්න හදපු ලංකාව මහින්ද එකතු කරාද?
එ දචස්වල කට්ටිය යාපනේ බලන්න ට්‍රිප්නම් ගිය බව සැබැවකි.නමුත් ගියේ අපි දඹදිව වදින්න යනවාට වඩා අන්ත විදියට අපේ රටේම ත්‍රස්තවාදි කණ්ඩායමකට මුදල් ගෙවා ඔවුන් කියන විදියට ‍අපි යාපනේ බලලා ආවේමු.අපේම රටේ අපි ඔළුව නවාගෙන ගියෙමු.ආමි එකේ කොල්ලන්ට මෙවුන් පස්ස පෙන්නමින් ගියේද මේ සාමයට පින් සිදුවන්නය.
එසේම කොළඹ ලොජ්වල සිටි දමිල ජනතාවද නැවතත් යැව්වේය.එයත් කිරිමට සිදුවුයේ සාමයට මුවාවි සියලුම මාර්ග බාධක ඉවත් කර කොළඹට ගෙන්වා ගත් කොටින් තැන තැන බෝම්බ පුපුරැවා දැමිම වලක්වා ගැනිමටය.නමුත් ලංකාවේ වෙසෙන සියළු ජාතින්ගේ වාසනාවකට රනිල්ට මේ ප්‍රභාකරන් ශක්තිමත් කරන කාර්ය කිරිමට නොහැකි විය.තව අවුරැද්දක් දෙකක් මේ සාමය ගෙන ගියානම් දැන් වන විට උතුරැ නැගෙනහිර පමනක් නොව ලංකාවටම විනාශවී හමාරය.කාටවත් එසේ නොවන්නේ යැයි කිව නොහැක.එසේ කියනවා නම් ‍ප්‍රභාකරන් මෙපමණ ආයුධ තොග රැස් කලේ ඇට බොල ගැසිමටද?
දැන් නම් මේ දේවල් කොපමණ කථා කලත් පලක් නොමැත.මන්ද දැන් යාපනේ ට්‍රිප් යන්න අපි ප්‍රභාකරන්ට මුදල් දි ඔවුන්ගේ නිතියට යටත් වී යායුතු නැත.දැන් අපි ගාල්ලේ සිට කොළඹ එනවා වගේ යාපනේ යන්නත් ඔවුන්ට කොළඹ එමටත් හැකියාව උදාවි ඇත.
මෙසේ රට එක්සෙසත් කිරිමට අකමැතිව ප්‍රභාකරන්ට කඩේ යන අය දැන්වත් මේ කරැමක්කාර වැඩේ අත්හලයුතු කාලය එලඹි ඇතයි නොසිතන්නේ අප කල පුරැ‍වේ පවකටද?







April 21, 2009

සැබැ විමුක්තිය කොතන දැයි ඔවුන් හොදින් දනි.

වසර 30 ක කාලයක් ලොවම භිතියට පත්කල මේ කෘරිරැ නොමිනිසා අවසන් ගමන යැමේ තත්පර කිහිපය ගතකරමින් සිටි.කලක් ලොව වැඩිම වෙඩි බලය සහ පිරිස් බලය හිමියයි පුරසාරම් දෙඩු මේ පාපතරයාට දැන් කල පව් ගෙවිමේ කාලය උදාකර දිමට අප විරෝධාර හමුදා සොහොයුරන් කටයුතු සලසා දී ඇත.දැන් මේ පාපතරයා තමා ගත යුතු අවසන් තිරණය ගනිමින් සිටි.එනම් තමා හමුදාවට යටත්වි රටේ නිතිය අනුව දඩුවම් විදිනවාද? නැතිනම් සියදිවි නසාගෙන හො හමුදා වෙඩිපහරකින් මියයනවාද යන්න මේ පව්කරයාට තිරණය කිරිමේ කාලය අද දහවල් 12 ට අවසන් වන බැවිනි.

කලක් ලංකිය දමිල ජනතාවගේ එකම නියෝජිතයා සහ නායකයා ලෙස ජාතික හා අන්තර්ජාතික සංවිධාන වලින් සහය ලබමින් ලොව හමුවේ පෙනි සිටි විරයා ලග තමා සේවය කිරිමට යුදවැදුනු දමිල ජනතාවද දැන් නොමැත.අහිංසක දමිල ජනයා තමාට විමුක්තිය ඇත්තේ කාගෙන් දැයි හොදින් අවබෝද කරගෙන ඇති බව මේ ගලා එන ජන ගන්නගාව තුලින් මනාව වැටහෙන්නේ නැත්ද?

පෙරේදා රාත්‍රි පටන්ගත් යුධමුක්ත කාලාපයේ ප්‍රණ ඇපකරැවන් ලෙස රදවාගෙන සිටි අයිංසක දමිල ජනතාව මුදාගැනිමට කල මානුෂික මෙහෙයුමත් සමග වෙඩිහඩට බියනොවි ඔවුන්ට පහරදෙමින් මුදාගත් ප්‍රදේශවලට පැමිනිමට පොදි බැදි සිටින්නේ තමාට සැබැ විමුක්තිය ඇත්තේ කොතැනදැයි මේ ජතතාව මනාව වටහා ගන ඇති බැවිනි.

සැබැ විමුක්තිය සොයා යන ඔවුන් පෙලගැසි පැමිනෙයි.




තමාව මෙම ජනතාව ප්‍රතික්ශේප කලේ මන් දැයි අවසන් මොහොතේ සිටින ප්‍රභාකරන් දැන්වත් සිතිය යුතු අතර මෙම සිදුවිම් තුලින් වත් මෙම ගැටලුව පිලිබදව මනා අවබෝදයක් මේ මිනිමරැවාට කඩේයන ජාතික සහ අන්තර්ජාතික ‍ කොටින් සහ ලංකාවේ මෙම ගැටලුව දෙස දැස් යොමුකරමින් සිටින ජාත්‍යන්තර ප්‍රජාවද ලබාගත යුතුය.
ප්‍රභාකරන්ට මෙවැනි දෙයක් සිදුවුයේ මොහු දමිල ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් කල කිසිදු දෙයක් ගෙවුනු තිස් වසර තුල නොවු බැවිනි.මේ මිනිමරැවා
ට අවශ්‍ය වුයේ වුයේ එම ජනතාව ගේ විමුක්තිය නොව ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය එක් රැස්කිරිමේ අමානුශික පිස්සුවක් පමනි.නැතිනම් තම ජනතාවට සේවය කිරිමේ සැබැ අවශ්‍යතාවයක් තිබුනානම් මොහුට උදාවු හොදම අවස්ථාව වන සාම ගිවිසුම තුලින් මෙම ජනතාවට හොදින් සේවය කිරිමේ සහ එම ජනතාව පාලනය කිරිමේ අයිතියද පහසුවෙන් ලබා ගෙන මොහුගේ සිහිනය වු ඊලම ලක් දෙරණ තුල ඇදිමේ හැකියාව තිබුනි.නමුත් මේ පාපතරයාගේ පාපතර අදහස් තුලින් මොහුගේ සිහින ඊළම බොදවි ගෙස් දැනටම අවසන් වි ඇති අතර තම ජිවිතයද අවසන් වන තැනට පත්ව තිබේ.දැන්වත් ඉතින් තමා කල පව් සිහිකර අහිංසක ජනතාවට නිදහසේ හුස්ම ගැනිමේ අවස්ථාව ලබාදිමට සිත් පහල වුවහොත් වටින්නේය.එහෙත් මෙවැනි විකෘති යුධ මානසිකත්වයෙන් පෙලෙන මේ මිනිමරැවන්ට එවැනි සිත් පහලවේද?

April 10, 2009

මිනිසත්බව නොහදුනන මිනිසුන්.

මෙම ලිපිය මම ලියනවිට මේ බ්ලොග් එක සංසදයේ නොතිබු නිසා මෙය නොදැකපු ‍තවමත් කොටින්ට කඩේයන අයට බලන්න නැවතත් මම මෙය ප්‍රකාශයට පත්කරන්න හිතුවා.
මේ ඔබ දකින්නේ චිත්‍රපටයක සටන් ජවනිකාවක් නොව.එදා කුරිරැ ත්‍රස්තවාදින් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන් අනුරාධපුර ශ්‍රී මහා බෝධියට එල්ල කල ප්‍රහාර යයි.ප්‍රථමයෙන් මෙය නරඔන්න.





මෙසේ සිත් පිත් නොමැතිව එලව එලවා පහර දිමට තරම් පුදබිමක සැදැහැ සිතින් තම ආගම දහම මෙනෙහි කරන මේ ජනතාව ප්‍රභාකරන්ට කර ඇති අසාධාරණය කුමක්ද? ඔබටත් මෙම දර්ශණය තුළින් පමනක් වුවද ත්‍රස්තවාදයේ සැබැ මුහුණුවර කුමක් දැයි මැනවින් අවබෝධකර ගැනිමට හැකියාවක් නොමැති ද? ත්‍රස්තවාදය නම් එය ලොව කොතැනක තිබුනත් එය ත්‍රස්තවාදයමය එයට හොද ත්‍රස්තවාදින් නරක ත්‍රස්තවාදින් කියා දෙපිරිසක් නැත.එනමුත් එල්ටිටිය නම් මේම ත්‍රස්තවාදින් අතරද නරකම ත්‍රස්තවාදය නොවන් නේද?