April 23, 2009

ප්‍රභාකරන්ට කඩේ යැම දැන්වත් නවත්තන්න.




ප්‍රභාකරන්ට කඩේ යන සිංහලයිනේ මේ මරණයන්ට ඔබත් වගකිව යුතුය.





මේ ඔබ දකින්නේ අප සොහොයුරන් යුධබිමේ මිය යන ආකාර යයි.සැමදා යුධ ජයග්‍රහණ පමනක් අත්විදිය හැකි යයි සිංහල බොහො දෙනා සිතුවත් සටනකදි එය එසේ නොවෙයි.යුද්ධයකදි ජය මෙන්ම පරාජයත් උරැමය. නමුත් සැම යුද්ධයකම අවසානයේ නම් අපට අනිවාර්යෙන්ම පරාජය හිමිවේ.ඒ ජය හො පරාජය ලබාගැනිමට අප කැපකල දේ නැවතත් අපට කිසි දිනක නොලැබෙන බැවිනි.
නමුත් අප මේ සටන් වදින්නේ ජාතියක් වෙනු වෙන් නොව තිරිසන් කන්ඩායමක් සමග වන බැවින් මෙම කැපවිමෙන් ලබා ගන්නා ජයග්‍රහණ වර්තමානයේ ජිවත් වන අපට හිමි නොවුවද අනාගත පරපුරට උරැමකර දිය හැකි වෙන බැවින් මේ පරිත්‍යගයන් මිලකළ නොහැක.
නමුත් මෙම විරැවන් යුධ බිමේ මිය ගිය විට තව මදි යයි සිතන පිරිසක්ද අප අතර සිටි.ඔවුන් එක දෙයක් හොදින් මතක තබා ගතයුතුය. එනම් ඔවුන්ට එසේ නිදහසේ සිතිමේ අවස්ථාව පවා උදාකරදි ඇත්තේ මේ දිවිපරදුවට තබා යුධබිමේ සටන් වදින සොහොයුරන් නිසා බවයි.නැතිනම් ප්‍රභාකරන් ඔවුන්ගේ හිසටද තුවක්කුව එල්ල කර හමාරය.
දැන් වත් මෙම තිරිසනාට තම පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා කඩේ නොයැමට සිතට ගත යුතු අතර මෙසේ දිවිපිදු සැම රණවිරැවෙකුගේ මරණයකටම ඔබත් වගකිව යුතුබව පමනක් හොදින් මතක තබා ගන්න.


1 comment:

  1. උන්න දැන් ගිනි පොලි එක්ක බඩු හම්බවෙනවා

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න