May 8, 2009

ඉර පැන දේශප්‍රේමිවන Beyond Frame

Beyond Frame ගේ ‍අළුත්ම නියාය වන්නේ දේශප්‍රේමි විමේ ඉරි පැනිමේ නියායයි.මොහුගේ අදහසට අනුව දේශප්‍රේමිත්වය නිර්වචනය කරනවා නම් දේශප්‍රේමය යනු ආන්ඩුවේ පැත්තට ගොස් ආන්ඩුවට කඩේ ගොසින් ලකුණු දමා ගැනිමයි.
නමුත් මා දන්නා දේශප්‍රේමය නම් තමන් උපන් දේශයට ඇති ආදරය යයි. මෙය තිබිමට මගේ හැටියට නම් ඉරක් පැනිය යුතු නැත.එය ගමේ ජිවත්වන ගැමියෙක් තුලද පැවතිය හැක.හැක නොව අනිවාර්යෙන්ම පවති.

නමුත් Beyond Frame මෙය තිබිම තියා මේ දේශප්‍රේමිත්වය,ජාතිකත්වය යන හැගිම් නැතිවා පමනක් නොව මේ වැනි වදන් පිලිබදව නිසි අවබෝධයක් ද නොමැති බව මෙම ඉරි පැනිමේ කථාවෙන් මනාව පැහැදිලි වන අතර මොහු විසින්
අඩනා අඩහැරය ලිපිය ලියමින් ඉර පැන දේශප්‍රේමිත්වය ලබාගන්නා ආකාරය පිලිබදව අවබෝදයක් මා හට ලබා දිමටද කටයුතු කර ඇත.

නමුත් ඔබ කියන ඔය ‍ඉරි දේශප්‍රේමිත්වය සහ මා කියන දේශප්‍රේමිත්වය දෙකක් බව ඔබට නොවැට හෙන්නේ මෙම වචනයේ තේරැම පිලිබද නිසි අවබොදයක් ඔබට නැති නිසාද නැතිනම් ඔබ නියෝජනය කරන පාර්ශවය මේ දේශප්‍රේමිත්වය කියන වචනය නයාට අදුකොල පෙනෙන්නාක් සේ දැකිමෙන් ඇතිවන නුරැස්සන ගතිය නිසා දැයි මට හරි අවබෝදයක් නොමැත.

නමුත් ඔබ කඩේ යන පාර්ශවය කුමක්ද යන්න පිලිබදව නිසි අවබෝදයක් නම් ඔබගේ මෙම ඉරි දේශප්‍රේමිත්වය මාහට ඉගැන්විමට යැමෙන් නම් අවබොද විය.

ඔබ සදහන් කරන ආකාරයට දැනට සිටින හොදම දේශප්‍රේමින් කණ්ඩායම නම් එක්සත් ජාතික පක්ෂය කඩා ගෙන ආන්ඩුවට එක්වු පිරිසත්,ජවිපය කඩන් ආ පිරිසත්,එල්ටිටිය කඩන් ආ පිරිසත්ය.නමුත් මගේ හැටියට නම් ලංකාවේ සුබ සිද්ධිය වෙනුවෙන් ඕනැම කැපවිමක් කරන්න පුද්ගලයා හොද දේශප්‍රේමියෙකි.

මෙසේ ඔබ දක්වන පිරිස අනුව ඔබට ඇත්තේ දේශප්‍රේමිතවය පිලිබදව ගැටළුව නොව මෙම කන්ඩායම් එක්විමෙන් කවදාවත් බලය ලාබා ගත නොහැකි බව අවබෝද විමෙන් ඇතිවන්නා වු කේදිරියේ හඩ නොවන්නේද?

එසේම ඔබත් ඔය සටහන මකා දමා දේශප්‍රේමි ඉර පැනිමෙන් ලබා ගත හැකි යයි කියන ඇමති ධුරයෙන් මම මහ මග කානුවටම ඇද දමන ප්‍රතිපත්තියද ඔබගේ නොව එයද ඔබ කඩේ යන පාර්ශවයෙන් ඉල්ලා ගත් එකක් බව නම් මනාව පැහැදිලිය.

එයවත් කර දැන්ම ඉර පැන ඔබත් ඹය කියන ආකාරයට දේශප්‍රේමි විම වඩා හොදය.මා දෙකේ කොලයට වැටිම ගැන නොසිතුවාට කම් නැත.මන්ද නැතිනම් ඔය විපක්ෂයේ ඉතිරි වන්නේ රනිල් සහ Beyond Frame පමනක් වන නිසාය.

එසේම මම නැවත්ත සදහන් කරන්නේ ආන්ඩුවේ සිටන ඔක්කොම දේශප්‍රේමින් කියා නොව දේශප්‍රේමි විමට නම් ආන්ඩුවේ රෙදි සේදිය යුතුම නැති යයි කියාය යන්න විකල් වු මනසින් නොව නිදහස් මනසින් කියවා අවබෝද කරගන්නා ලෙස ඉල්ලා සිටිමට කැමැත්තෙමු.

6 comments:

  1. niroshanMay 08, 2009

    well done

    ReplyDelete
  2. AnonymousMay 08, 2009

    මල්ලි අවවාදයක් දෙන්නම්. ඔය beyond the frame කියන හරකට කිසි දෙයක් තේරුම් කරල දෙන්න උත්සාහ කරන්න එපා. ඊට හොඳයි උඹේ කට බිම උලා ගනින්. අපේ රට අපිට උතුම්. අපි ඒ රට හොඳ තැනකට ගේනන උත්සාහ කරමු. ඔය එක එක බල්ලෝ උඩු බිරුවට කඳු කඩා පාත් වෙන්නෙ නෑ. ඒ නිසා ඒව ගනන් ගන්න එපා. ඌ ඕව ලියන්නෙ අවධානය ගන්න. ඒවට අහුනොවී පාඩුවෙ ඉන්න එක තම තමන්ට අයිතියි.

    ReplyDelete
  3. @සසික,
    Anonymous කියන එක හරි. මමත් කියන්නෙ ඔයා ලියපු ලිපි තුන BFට අනවශ්‍ය ප්‍රචාරයක් විතරයි. සිරස ටීවී එකට මිනිස්සු බනින එකෙන් සිරස ටීවී promote වෙන එක වගේ.

    අපි අනුන්ගෙ කුණු හෝදන්න යන්නෙ නැතුව අපේ පාඩුවෙ අපේ වැඩක් බලාගනිමු. :)

    ReplyDelete
  4. @ ශාකුන්තල
    ඔබ පවසන අන්දමට අනවශ්‍ය ප්‍රචාරයක් මෙම ලිපි මගින් ඔහුට ලැබුනු බවනම් සැබැය.
    එනමුත් අපි අපේ පාඩුවේ වැඩක් බලාගන්නට ගියහොත් මේ ද්‍රේහින් මේ රටට සිදුකරන විනාශය වැඩිවන බැවින් මගේ අදහස නම් මෙවැනි එවුන් දුටුතැන පහරදි මොවුන්ගේ සැගවුන හෙළුව ලොවටම පෙන්වා දිය යුතු බවය.

    ReplyDelete
  5. @සසික,
    හෙළුව පේනවා හැමෝටම. ඒකයි කවුරුත් පාඩුවෙ වැඩක් බලා ගන්නේ.
    ඔය අඩවියෙ තියෙන කමෙන්ට් වලින් වැඩි හරියක් එයාම දාගනිපුවා මිසක් අපි දාන ඒවා නෙමෙයි.

    ReplyDelete
  6. @ ශාකුන්තල
    ඔබගේ අදහස නම් සැබැය.එම සටහන් බලෙන් ජනප්‍රිය කිරිමේ උත්සහයක ඔහු හොදින් නියැලි සිටි.මටත් අවශ්‍යවුයේ එම සටහන් කියවනවාට වඩා යුන්පිඑකේ වෙබ් එක බැළුවනම් හොදය කියා පෙන්විමටය.

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න