May 14, 2009

ප්‍රභාකරන්ට හුලං ගැහිල්ල.

ප්‍රභාකරන්ගේ දැන් ඉහමොල රත්වි ඇතුවාට සැකයක් නම් නැත.ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නන්ගේද දැන් දෙකොන පත්තුවි ඇත.රනිල් වික්‍රමසිංහටත් දැන් කරකියාගත නොහැකි තත්වයකට පත්වි ඇත.බැරිම තැන අන්තිම හුලං පොද ගැසිමේ අසාර්ථක උත්සහයකට මේ දවස්වල රනිල් කර ඇරන් වැඩය.ඔහු නොර්වේ ගොස් යුද්ධය මේ අවසාන මොහොතේ නවත්වන ලෙස පවසයි.හේතුව ලෙස දක්වන්නේ සිවිලි ජනතාවය.ඔවුන් ජිවිතයත් මරනයත් අතර සටනක නියැලෙන බව නම් සැබැය.එහෙත් මේ අද ඊයේ සිට නොව 30 වසරක් පුරාවටය.‍ඒ බව තම හැදිවත පමනක් සහිතව හමුදා ප්‍රදේශවලට පැන එන ජනතාව හොදින් පවසයි.
එහෙත් රනිල්ට මේ හදිස්සියේ මෙම ජනතාව මතතක් වි තිබෙන්නේ මොවුන් ගැන ඇති කැක්කුමකටද? නැත. මේ අවසන් මොහොතේ හො ප්‍රභාට පන ටිකක් දිමටයි.ඒ සදහා පෙරකල උදව් කල පැරනි සගයින් ද මේ වැඩෙට හවුල් කරගෙනය.
ලංකාව තුල පක්ෂ විපක්ෂ කියා බේදයකින් තොරව අප සියළු දෙනාම මේ මිනිමරැවා නිසා විදි දුක අපමනය.නිවැරදි නායකයෙකු නම් කලයුත්තේ මේ සැවොම බැට කන මේ ත්‍රස්තවාදය අවසන් කිරිමට මේ අවසන් මොහොතේ කුමන මතිමතාන්තර තිබුනද සහය දිමයි.නමුත් මේ මිනි මරැවා රකිමින් ජාතියට වින කිරිමට ජාතියක් විදියට අප කල පව කුමක් දැයි නම් මා නොදනි.

1 comment:

  1. Blah Blah! you are talking all those bullshits with knowing anything,good job mate!

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න