October 28, 2009

පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරනවට ඇයි බය..???



පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමට සහ තවත් ඉල්ලිම් කිහිපක් මුල්කර ගෙන අද දින විහාර මහ දේවි උද්‍යනය අසල සිට අරලියගහ මන්දිරය දක්වා  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පාගමනක් පවත්වා ඇත.

මෙම විරෝධතාවය දැක්විමේ ප්‍රධානතම අරමුණව ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමට විරෝධතාවය දැක්විමයි.දැනට පවතින විශ්ව විද්‍යාල පනත අනුව කිසිදු පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පිහිටුවිය නොහැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතා පවසයි.එසේ පවසද්දිත් මොවුන් මෙසේ මාර්ග අවහිර කරමින් මහජනයාගේ එදිනෙදා කටයුතුවලට බාධාවන අයුරින් ලබාගන්නා ඔවුන්ගේ ඉල්ලිම් කො‍තරම් දුරට සාධාරණද යන්න සිතිමටවත් මොලයක් මේ සරසවි සිසුන්ට හිමිනොවුයේ මන්දැයි සිතාගැනිමටත් අපහසු කටයුත්තකි.

එසේම උසස් පෙල සමත්වන සිසුන්ගෙන් සරසවි වරම් ලබනුයේ ඉතාමත් අල්ප පිරිසක් වන අතර ඒ එම කඩඉම ජයගන්නා සුපිරිම දක්ෂයන් පමනි.එසේ නම් ඔවුන් මෙම පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමට මෙපමණ බියක් සහ අකමැත්තක් දක්වන්නේ ඒ තුලින් ඉගෙනුම ලබන පිරිස කිසියම් දිනක තමන්ට අභියෝගයක් වේ යැයි යන බියෙන්ද?කලයුත්තේ ආරම්භ කිරිමට විරුද්ධ විම නොව තමන් නිදහස් අධ්‍යපනය තුලින් ලබන්නාවු දැනුමින් රටට තවතවත් සේවයක් කිරිම මිසක ජනතා විමුක්ති පෙරමුනේ ගොයියන්ගේ පස්සෙන් ගොස් තමාගේ වටිනා තරුණ ජිවිතත් දෙමාපියන්ගේ අහිංසක අනාගත බලාපොරොත්තුත් අමු අමුවේ විනාශ කිරිම නොවන බව උසස් අධ්‍යාපනයක් ලබන ඔබත් මොහොතකටවත් නොසිතන්නේ මන්ද?

3 comments:

  1. මුන් එක්ක ආණ්ඩුවට මොන සාකච්චාද

    ReplyDelete
  2. මේ වෑඩ දෑක්කාම මට පරන ප්‍රස්තාවපිරුලක් මතක් උනා.
    "බලලුන් ලවා කොස් ඈට බාවන්නා වාගේ "
    අනේ මේ විදියට කාගෙවත් බලල්ලු වෙන්න ගිහින් බලු වෙන්නෙ මොකටද

    ReplyDelete
  3. @ Anonymous
    සාකච්චාවක් කරන්න මාතෘකාවක් තියෙන්න එපැයි නේද?

    @ NUWAN"s lane
    එකත් හැබැයි තමයි.එත් මෙහෙම බලලුන් වෙන්නේ ලංකාවේ ඉන්න බුද්ධිමත්ම පිරිසනේ.ඒ අය එහෙම නම් අන් අයට කවර කථාද..?
    November 05, 2009

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න