January 6, 2010

කලකට පසු......

ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ එන්න හිතුනා.කොහොමද කට්ටියට....?? පහුගිය දවස් වල කියන්න කියලා ලොකුවට වැඩක් නොතිබුනත් දැන් ටික ටික මේ බ්ලොග් කෙරුවාවත් එපාවෙලා නිසා ලියන්න දෙවල් තිබුනත් ලියන්න පොඩි කම්මැලි ගතියක් දැනේනවා.ලගදි දවසක් නිකන් වගේ බ්ලොග් එක පැත්තේ ආපු අපේ දුකා මොකද මුකුත් නැත්තේ කියලා ඇහුවාම තමයි ඔන්න පොඩි කික් එකක් අවේ ආයිමත් පොඩ්ඩක් මේ පැත්තේ එන්න ඔනේ කියලා.

මුලින්ම කියන්න තියෙන්නේ කට්ටියටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා...! 

ඔන්න ඊට පස්සේ කියන්න තියෙන්නේ මමත් ගියා සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සුහද හමුවට.ඒ ගැන කියනව නම් එක අමුත්ම අත්දැකිමක් වුනා බ්ලොග් සම්බන්දව.හේතුව බ්ලොග් ලියන ‍පිරිසක් සැබවින්ම දැක ගැනිමට හැකිවිම සහ ඔවුන් සමග සුහද කථාබහක යෙදිමේ අවස්ථාවක් උදාවිම.

ඉතින් අඩහැරයෙන් දිගින් දිගටම ලියවුනු මාතෘකවන්ට හත්පසින්ම වෙනස් දෙයක් මේ අවුරුද්දේ මුල්ම ලිපියෙන් ලියන්න හිතුනා.එය ලියන්න හේතුවුනේ මගේ ලග තිබුනු LG KE770 ෆොන්එක මගේ දැඩි නොසැලිමත්කම නිසා භාවිතා කරන්න නොහැකි තත්වයටම පත්වුනා.ඊට පස්සේ මම ගත්තා Sony Ericsson K770i ෆොන් එකක්.ඉතින් මේ ෆොන් එක ගත්ත දවසේ ඉදන් මගේ වැඩේම මේකෙන් කරන්න පුළුවන් මොනවද යන්න මුළු අන්තර්ජාලය තුලම සේවිම.ඔහොම සොය සොය සිටින විට තමයි මේ Themes Creator සොෆ්ට්වේයා එක හම්බවුනේ.මේකෙන් ඉතාම පහසුවෙන් අපේ දුරකතනයේ තිම් එක අපිට උවමනා විදියට සකසාගත පුළුවන්.ඒ වගේම මේ සොෆ්ට්වේයා එකෙන් Sony Ericsson වර්ගයේ ඕනැම දුරකතනයක තිම් එක සකසා ගන්න පුළුවන්.


ඔන්න මේ සොෆ්ට්වේයා එක ඔන අය මෙතනින් ඒක ඩවුන්ලොඩ් කරගන්න

මේ තියෙන්නේ K770i සදහා මම හදපු තිම් එකක් .

ඔන්න කැමති අය ඉන්නව නම් මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න

ආ තව පොඩ්ඩෙන් කියන්න ආපු වැදගත්ම දේ කියන්න අමතක වෙනවා.එක තමයි මම ‍ෆොටො බ්ලොග් එකක් පටන් ගත්තා. කට්ටියම මේකත් බලලා හොද නරක කියන්න ඕනේ හොදද? ඒක බලන්න මෙතනින් යන්න.

2 comments:

  1. ආ.. හා... බ්ලොග් ලිවිල්ල නවත්තන්න එපා... :-)

    ReplyDelete
  2. @ ශාකුන්තල
    නැහැ නැහැ ආයිමත් පටන් ගන්න යන්නේ.ප්‍රතිචාර තමයි වටින්නේ.

    ReplyDelete

ඔබේ අදහස අපට ලියන්න