January 8, 2010

කොළපාටින් සිතන්න-Think green

ඔන්න මේක දේශපාලන කථාවක් නම් නෙමේ.දන්නවනේ මේ දවස් වල පාට පිළිබදව වඩාත් සැළකිලිමත් විය යුතුයි.අදින පලදින ඇදුමේ පාට පිලිබදව පවා.ඔන්න කට්ටියටම අද කියන්න යන්නේ කොළපාටින් සිතන්නේ කොහොමද කියලා.හැබැයි මේ යුඑන්පියට ඡන්දේ දෙන්න කියනවා එහෙම නෙවෙයි හොදද..?

හරි හරි ඔන්න බයිලා ඔනේ නැහැ.මේක ලස්සන තිම් එකක්.My Colours කියන සයිට් එකෙන් තමයි ගත්තේ.ඒ වගේම අපිට නොමිලේ ඩවුන්ලොඩ් කරන්න පුළුවන්.තව දෙයක් තමයි අපිට කාලගුණය බලන්න පුළුවන් පොඩි ගැජට් එකකුත් ඩෙක්ස්ටොප් එකට එනවා.ලස්සන නිසා ඩවුන්ලොඩ් කරපු මේ තිම් එකේ නම තමයි Think Green .එකයි කොළපාටින් සිතන්න කියලා දැම්මේ .

 මෙහෙම තමයි දැම්මම පෙන්නේ.



මේ තිම් එක Windows Xp,Vista දෙකටම දාන්න පුළුවන්.ඔන්න කැමති අය ඉන්නව නම් 
 මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න.

January 6, 2010

Capture කරන්න නියම භාණ්ඩයක්.


ඔන්න බයිස්කොප් සිංහලෙන් අඩවියේ පලවන සිංහල උපසිරස තිබෙන ෆිල්ම් ඩිවිඩි/විසිඩි ප්ලේයර්වල බලන්න බැරි නිසා එය පරිඝණකයක් සතු,සිංහල යුනිකොඩ් ස්ථාපනය කර ඇති අයට පමණක් සිංහල උපසිරිස සහිතව බැලිමට පුළුවන් විමෙන් මම ඩවුන්ලොඩ් කරගත් ෆිල්ම් යාළුවන් අතරේ බේදාගත නොහැකිවිම කලකට පෙර ඉමහත් ගැටළුවක්ව තිබුනා.මේ සදහා ඇති එකම විසදුම එම චිත්‍රපටිය සිංහල යුනිකොඩ් ඇති පරිඝණකයකින් Capture කර ඩිවිඩි එකක රයිට් කිරිම.‍එ සදහා විවිධ සොෆ්ට්වේයා තිබුනත් එවා මිලදි ගතයුතු බැවින් ඒ සදහා ටොරන්වල සහය පැතිමට සිදුවුවා.එසේ සොයන විට තමයි මේ WM Capture සොෆ්ට්වේයා එක හම්බවුනේ. මුල්පිටපතේ අයුරින්ම දර්ශණ ඉතාමත් පැහැදිලිව Capture කරගැනිම මෙහි ඇති හොද ගුණාංගයක් ලෙස කියන්න පුළුවන්.හැබැයි වින්ඩෝස් මිඩියා ප්ලේයර් වලදි පමණයි මේ සොෆ්ට්වේයා එක යොදාගෙන Capture කල හැකි වෙන්නේ.


ඔන්න මේක ඔනේ අය මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න.





ඊට පස්සේ සොෆ්ට්වේයා එක ඉන්ස්ටොල් කරලා Crack ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන WMCap කියන ෆයිල් එක කොපි කරලා C:\Program Files\WMCap කියන ෆොල්ඩරයට ගොස් පේස්ට් කරන්න.දැන් හරි ඔන්න $39.95 USD වටින සොෆ්ට්වෙයා එකක් තමයි නිකන්ම හම්බවුනේ.

මේ තියෙන්නේ කොහොමද ? Capture කරන්නේ කියලා.


     



ඔන්න කමෙන්ට් දාන්න අමතක කරන්න එපා හොදද....

කලකට පසු......

ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ එන්න හිතුනා.කොහොමද කට්ටියට....?? පහුගිය දවස් වල කියන්න කියලා ලොකුවට වැඩක් නොතිබුනත් දැන් ටික ටික මේ බ්ලොග් කෙරුවාවත් එපාවෙලා නිසා ලියන්න දෙවල් තිබුනත් ලියන්න පොඩි කම්මැලි ගතියක් දැනේනවා.ලගදි දවසක් නිකන් වගේ බ්ලොග් එක පැත්තේ ආපු අපේ දුකා මොකද මුකුත් නැත්තේ කියලා ඇහුවාම තමයි ඔන්න පොඩි කික් එකක් අවේ ආයිමත් පොඩ්ඩක් මේ පැත්තේ එන්න ඔනේ කියලා.

මුලින්ම කියන්න තියෙන්නේ කට්ටියටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා...! 

ඔන්න ඊට පස්සේ කියන්න තියෙන්නේ මමත් ගියා සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සුහද හමුවට.ඒ ගැන කියනව නම් එක අමුත්ම අත්දැකිමක් වුනා බ්ලොග් සම්බන්දව.හේතුව බ්ලොග් ලියන ‍පිරිසක් සැබවින්ම දැක ගැනිමට හැකිවිම සහ ඔවුන් සමග සුහද කථාබහක යෙදිමේ අවස්ථාවක් උදාවිම.

ඉතින් අඩහැරයෙන් දිගින් දිගටම ලියවුනු මාතෘකවන්ට හත්පසින්ම වෙනස් දෙයක් මේ අවුරුද්දේ මුල්ම ලිපියෙන් ලියන්න හිතුනා.එය ලියන්න හේතුවුනේ මගේ ලග තිබුනු LG KE770 ෆොන්එක මගේ දැඩි නොසැලිමත්කම නිසා භාවිතා කරන්න නොහැකි තත්වයටම පත්වුනා.ඊට පස්සේ මම ගත්තා Sony Ericsson K770i ෆොන් එකක්.ඉතින් මේ ෆොන් එක ගත්ත දවසේ ඉදන් මගේ වැඩේම මේකෙන් කරන්න පුළුවන් මොනවද යන්න මුළු අන්තර්ජාලය තුලම සේවිම.ඔහොම සොය සොය සිටින විට තමයි මේ Themes Creator සොෆ්ට්වේයා එක හම්බවුනේ.මේකෙන් ඉතාම පහසුවෙන් අපේ දුරකතනයේ තිම් එක අපිට උවමනා විදියට සකසාගත පුළුවන්.ඒ වගේම මේ සොෆ්ට්වේයා එකෙන් Sony Ericsson වර්ගයේ ඕනැම දුරකතනයක තිම් එක සකසා ගන්න පුළුවන්.


ඔන්න මේ සොෆ්ට්වේයා එක ඔන අය මෙතනින් ඒක ඩවුන්ලොඩ් කරගන්න

මේ තියෙන්නේ K770i සදහා මම හදපු තිම් එකක් .

ඔන්න කැමති අය ඉන්නව නම් මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න

ආ තව පොඩ්ඩෙන් කියන්න ආපු වැදගත්ම දේ කියන්න අමතක වෙනවා.එක තමයි මම ‍ෆොටො බ්ලොග් එකක් පටන් ගත්තා. කට්ටියම මේකත් බලලා හොද නරක කියන්න ඕනේ හොදද? ඒක බලන්න මෙතනින් යන්න.

November 5, 2009

රිගින්ටොන් වෙනුවට එස්එම්එස්....


තරුණ ප්‍රශ්ණ හොද හැටි අවබෝධ කරගත් විපක්ෂ නායකයෙක් අපට ලැබි ඇත.මට තියෙන එකම ගැටළුව  සියළු තරුණයන් එක්වි ඇයි මොහුව රටේ ප්‍රධාන පුරවැසියා නොකරන්නේ කියාය.මොහුට එක අවස්ථාවක් ලාබාදුන්හොත් වෙන කුමන ගැටළු නොවිසදුවත් අපේ ගැටළුවලට නම් නියමම විසදුම් ලබාදෙනු නොඅනුමානය.අඩුගානේ විකට රාජා නමින් චිත්‍රපටයක්වත් සැදිමේ හැකියාව නියත වශයෙන්ම අපහට උදාවනු ඇත.ඉතින් අප අපගේ තාරුණ ජවය පෙන්වමු...කොහොමද??? රිගින් ටොන් වෙනුවට එස්එම්එස්...අනේ විපක්ෂ නායකතුමනි අපහට ඇති එකම ගැටළුව එයමය.ඔබගේ නව සන්ධානට තුලින් මංගල අයියත් කැටුව මේ සහනය ලබාදෙනු මැනවි.තරුණ අප ඔය සියළුදෙනාම රජවරු කරණවා නියතය..ජයවේවා...!!

October 29, 2009

බලන්නකො මේවයේත් හැටි...

අපේ කට්ටිය රට රටවල් වල ගිහින්  අරව දෙනවා කිව්වා මේවා දෙනවා කිව්වා කියලා මාර පම්පොරිනේ ගහන්නේ.ඒ කියපුවයින් ලැබිලත් තියෙනවා ලැබුනේ නැති ඒවත් තියෙනවා.
ඔහොම හම්බවෙලා කථාකරන්නේ ඇත්තටම මොනවද කියලා මමත් හරියටම දැනගන්නේ කොහොමද කියලා කල්පනා කරකර ඉන්දැද්දි තමයි මගේ යාළුවෙකුගෙන් මේ මෙල් එක ආවේ බලන්නකො මේ අය සාකච්ඡා කරන දේවල් අනේ හැබැටම..




October 28, 2009

පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරනවට ඇයි බය..???



පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමට සහ තවත් ඉල්ලිම් කිහිපක් මුල්කර ගෙන අද දින විහාර මහ දේවි උද්‍යනය අසල සිට අරලියගහ මන්දිරය දක්වා  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පාගමනක් පවත්වා ඇත.

මෙම විරෝධතාවය දැක්විමේ ප්‍රධානතම අරමුණව ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමට විරෝධතාවය දැක්විමයි.දැනට පවතින විශ්ව විද්‍යාල පනත අනුව කිසිදු පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පිහිටුවිය නොහැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතා පවසයි.එසේ පවසද්දිත් මොවුන් මෙසේ මාර්ග අවහිර කරමින් මහජනයාගේ එදිනෙදා කටයුතුවලට බාධාවන අයුරින් ලබාගන්නා ඔවුන්ගේ ඉල්ලිම් කො‍තරම් දුරට සාධාරණද යන්න සිතිමටවත් මොලයක් මේ සරසවි සිසුන්ට හිමිනොවුයේ මන්දැයි සිතාගැනිමටත් අපහසු කටයුත්තකි.

එසේම උසස් පෙල සමත්වන සිසුන්ගෙන් සරසවි වරම් ලබනුයේ ඉතාමත් අල්ප පිරිසක් වන අතර ඒ එම කඩඉම ජයගන්නා සුපිරිම දක්ෂයන් පමනි.එසේ නම් ඔවුන් මෙම පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමට මෙපමණ බියක් සහ අකමැත්තක් දක්වන්නේ ඒ තුලින් ඉගෙනුම ලබන පිරිස කිසියම් දිනක තමන්ට අභියෝගයක් වේ යැයි යන බියෙන්ද?කලයුත්තේ ආරම්භ කිරිමට විරුද්ධ විම නොව තමන් නිදහස් අධ්‍යපනය තුලින් ලබන්නාවු දැනුමින් රටට තවතවත් සේවයක් කිරිම මිසක ජනතා විමුක්ති පෙරමුනේ ගොයියන්ගේ පස්සෙන් ගොස් තමාගේ වටිනා තරුණ ජිවිතත් දෙමාපියන්ගේ අහිංසක අනාගත බලාපොරොත්තුත් අමු අමුවේ විනාශ කිරිම නොවන බව උසස් අධ්‍යාපනයක් ලබන ඔබත් මොහොතකටවත් නොසිතන්නේ මන්ද?

කුප්පිවලට මොකද වෙන්නේ අනේ හැබැටම..???



මැත කාලය තුල රජයේ රෝහල් තුලින් දිගින් දිගටම ඔවුන් ලබාදෙන  ඖෂධ ගුණාත්මක බවින් තොරවිම් පිලිබද පැමිණිලි දක්නට ලැබුනු නිසා ඒ පිලිබදව මටත් යමක් පැවසිමටත් දැනගැනිමටත් මෙම සටහන ලියන්න හිතුනා.
ඔබට මතක ඇති රුබෙල්ලා එන්නත ආසාත්මික විමෙන දැරියන් දෙදෙනෙකු මිය යැමත්,තවත් එන්නත් කුප්පි‍ දෙකක  තිබි විදුරු කැබලි හමුවිම සහ එවැනිම එන්නත් කුප්පියක් තිබි ගුල්ලකු හමු විමත්.
දැන් ලැබි ඇති අළුත්ම තොරතුර වනුයේ ප්‍රබල අසාත්මික රෝග ලක්ෂණ ඇතිවීම පාලනය කිරීම සදහා ලබාදෙන ට්‍රොමැක්ට්‍රිසීන් ලෙස හදුන්වන  එන්නත තුල සියුම් විදුරැ කැබලි හමුවු බව සහ මෙම එන්නත නිර්වින්දන කටයුතුවලදී ඇතිවන අසාත්මිකතා පාලනය කිරීම සදහා ද ලබා දෙන ඖෂධයක් බවයි.එසේම අද දින සේලයින් බෝතලයක තිබි කෙස් ගසක්ද හමුවි තිබේනවා.මෙසේ මැත කාලිනව මේ අයුරින් දිගින් දිගටම මෙවැනි දේ හමුවන්නේ කවර හේතුවක් නිසාදැයි උපකල්පනය කලහැකි අංශ කිහිපයක් තිබෙනවා.එනම් මේ ඖෂධ කිසිදු ප්‍රමිතියකින් තොර එවා බවය.එසේම අපගේ වෛද්‍යවරු මේ පිලිබදව වඩත් සැලකිලිමත් වන බවය,එසේත් නැත්නම් මෙය කිසියම් කණ්ඩායමකගේ කඩාකප්පල්කාරි ක්‍රියාවක් බවය.
කෙසේ වෙත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේන් මේ පිලිබදව ගන්නා තිරණ ගැන අපටද සැහිමකට පත්විමට නොහැකි අතර ඔවුන‍් මෙම ඹෟෂධ පිලිබද වඩාත් විශ්වාසයෙන් කියවයි.ඒ කෙසේ වෙත්ත මෙවැනි කෙටි කාලයක් තුල මෙවැනි ප්‍රමිතියෙන් තොර ඖෂධ රාශියක් ලැබිම වඩාත් කුතුහලය දන්වන්නක් නොවන්නේද?මොකද සෞඛය ඇමතිට ලැබෙන කුට්ටිය නිසා මෙසේ පවසනවා නම් මොහු දැනට සෞඛ්‍ය ඇමතිවි වසර දහයක් පමණ වන්නේය.එබැවින් මෙවැනි දේ මින් පෙර සොයා ගැනිමට නොහැකි වුයේ මන්ද යන්නය.
එසේම අප වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ පිලිබද දැඩි කනස්සල්ලෙන් සහ කොපයෙන් අපව දැනුවත් කරමින් මේ මහජන මුදල් බවත් ඒවා භාවිතයෙන් ඉවත් කිරිමෙන් මේ ගැටළුවට විසදුමක් නොලබෙන බවත් මේ විනාශ කරන්නනේ අම්මා අප්පාගේ බුදලයක් නොව මහජනතාවගේ මුදල් බවත් දැඩි කනස්සල්ලෙන් පවසයි.ඇත්තටම අපගේ දේපල මෙසේ විනාශ කිරමට ඉඩනොදි හඩක් නැගිම කොතරම් උතුම් කටයුත්තක්ද.අනේ මහතුනේ මේ කරන පිනම මතු ආත්මයක ඔබ සියළු දෙන නිවන් දැකිමටම හේතුවිය යුතුය.
එනමුත් මෙවුන්ට මෙවැනි දුකක් අප වන මහජනතාව ගැන ඇතිවි තිබෙන්නේ මේ ඖෂධ පිලිබදව පමනක් විම ඉතාම ශෝක ජනකය. මේ අයුරින්ම බදුගෙවන මහජනතාව ඇදන් උඩ පණ අදිද්දි තමන්ගේ ඉල්ලිම් ලැබෙන තුරු වැඩවර්ජනය කරනවිට ඔවුන්ට මේ ගැන පසක් නොවුයේ මන්දයි මට නොවැට හේ. ඒ අයුරින් ඔබගේ ඉල්ලිම් ලැබෙන තුරු ඇදන් උඩ පන ඇද්දේත් අපිමය.නැතුව සෞඛ්‍ය ඇමතිවත් රජයවත් නොවන්නේය.හැකිනම් මෙසේ අප ගැන දෙආකාරයකට දුක්විමට ලබාගත් එන්නත කුමක්දැයි චෛද්‍ය නිලධාරි සංගමයේ මහතෙකුගෙන් අසාම දැන ගැනිම නොවටින්නේ  මන්ද?